IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


ශිෂ්‍ය භික්ෂුව උණ්ඩ සමග මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

රඹුක්කන ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩ වාසය කරන හිමිනමක් ටී - 56 මැගසින් 2ක් සහ  උණ්ඩ 161 තොගයක් සමග අද සවස සැකපිට අත්අඩංගුවට ගත් බව රඹුක්කන පොලිසිය පවසයි.

සැකපිට අත්අඩංගුවට ගත් මෙම හිමිනම හොරණ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුවක් යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

සැකකාර ශිෂ්‍ය භික්ෂුව වැඩ වාසය කරන විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් කරන ලද දැනුම් දැනුම්දීමක් අනුව පොලිස් කණ්ඩායමක් එහි ගොස් මැගසින් දෙක සහ ජීව උණ්ඩ සමග මෙම ශිෂ්‍ය භික්ෂුව සැකපිට අත්අඩංගුවට ගත් බව ද පොලීසිය සඳහන් කරයි.

මීට අමතරව ගංජා ග්‍රෑම් 850ක් ළඟ තබාගෙන සිටි බව කියමින් එම විහාරස්ථානයේ වැඩ වාසය කරන තවත් භික්ෂුවක් ද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.



අදහස් (6)

ශිෂ්‍ය භික්ෂුව උණ්ඩ සමග මාට්ටු

Bamunuarachchi Thursday, 19 October 2023 11:30 PM

මේ මම නිතර කියන JVP සිවුරු කල්ලියේ ගොයියෝ. පැතුරොම් විතර නොවෙයි අමුඩ තිබෙනවාද කියලාත් බලන්න. මේ ගොල්ලොම තමයි අමුඩේ ගහගෙන ගොවි උද්ගෝෂණ වලට යන්නේ.

:       3       9

John DorySaturday, 21 October 2023 09:55 AM

ඔවුන්ට ගොවි උද්ඝෝෂණ මතක් වෙන්නෙත් ඡන්දෙ කිට්ටු වෙනකොට විතරයි. මඩකළපුවේ ගොවීන්ට ඉන්න හිටින්න තැන් නැතිවෙලා JVP/මාලිමාලා පළාතේ නැහැ.

:       0       0

Bamunuarachchi Friday, 20 October 2023 04:09 AM

පැටිගිරිය සොයා බලන්න. පාතාලයෙක් වෙන්න පුළුවන්.

:       0       8

කීර්ති Friday, 20 October 2023 06:26 AM

ඔය පැත්තේ කීර්ති කියලා ළමා නිවාසයක් තිබුණා. එම නිවාසය වසා දමා දිගුකලක් ගතවෙනවා. එම නිවාසය සඳහා ලක්ෂ පනස් ගණනක් රජයේ වියදමින් දෙමහල් ගොඩනැගිල්ලක් හැදුවා. පුස්තකාලය සඳහා විශාල වශයෙන් පොත් ලබාදුන්නා. එම ප්‍රදේශයේ පරිවාස කාර්‍යාලයේ ප්‍රධානියාට වත් දෙපාර්තමේන්තුවේ නිළධාරින්ට එම ප්‍රදේශයේ තරුණයෝ එන්න දුන්නේ නැහැ. දැනට අවුරුදු 15ක් පමණ පෙර මේවා වුනේ. ඔය පැත්තේ මිනිස්සු ඔහොමයි කියලා හිතෙනවා...

:       0       2

රංබොඩ Friday, 20 October 2023 09:23 AM

මෙවැනි අති පෘතග්ජනයින් උපැවදි කිරීමට නායක හිමිවරු ක්‍රියා කිරීම වැදගත් යැයි සිතමි. නැත්නම් ඔවුන් අරහත් ධජයට නිගරු කරනවා ඇති.

:       0       13

Sellakkara Kolla Friday, 20 October 2023 10:01 AM

පාන්සකුලෙත් එයාම දෙනව ඇති

:       0       11

ඔබේ අදහස් එවන්න

දියත

මැයි රැලියට පාන් අරන් බේකරියට පොලු තියලා
2024 මැයි මස 05 250 0

විරුද්ධ දේශපාලන පක්ෂයක දකුණු පළාතේ ප්‍රධාන නගරයක පැවැත්වූ මැයි දින රැලියකට රක්වාන මැතිවරණ කොට්ඨාසයෙන් සහභාගී වූ පාක්ෂිකයන්ට උදේ ආහාරයට ලබාගත් පාන්


කුලියාපිටි තරුණයාගේ ලේ සහිත තවත් වෑන් රියක් මාතලේ
2024 මැයි මස 05 809 0

කුලියාපිටියේ පෙම්වතියගේ නිවෙසට ගිය සුසිත් ජයවංශ නැමැති තිස් හැවිරිදි තරුණයා පැහැරගෙන අතුරුදන් කිරීමට යොදාගත් බවට සැලකෙන වෑන් රථය මාතලේ, විල්ගමුව සත


බෝම්බයක් රැගෙන දරු දෙදෙනකු ප්‍රාණ ඇපයට ගනී
2024 මැයි මස 05 861 0

හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා අත් බෝම්බයක් රැගෙන පැමිණි සැමියා බව කියන පුද්ගලයකු කුඩා දරුවන් දෙදෙනකු ප්


ජනප්‍රිය රංගන ශිල්පී බර්නාඩ් හිල් සමුගනී
2024 මැයි මස 05 345 0

බ්‍රිතාන්‍ය රංගන ශිල්පී බර්නාඩ් හිල් අද (5) අභාවප්‍රාප්ත විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහු 79 වියෙහි පසුවුණු බවය.


යතුරු පැදි තරඟයෙන් තරුණ ජීවිත දෙකක් විනාශයි
2024 මැයි මස 05 476 0

තරුණයන් දෙදෙනකු පැද වූ යතුරුපැදි දෙකක් අද (5) අලුයම මිරිහාන නව රෝහල මාර්ගයේ කිඹුලාවල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් දෙදෙනාම මියගොස් ඇත


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 74 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 497 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1948 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1713 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site