IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ආහාරපාන සන්නාමය නෙස්ලේ

සුප්‍රකට ව්‍යාපාර සන්නාම ඇගයීමේ ආයතනයක් වන Brands Finance ආයතනයල LMO සමඟ එක්ව වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන පාරිභෝගික සන්නාම ශ්‍රේණිගත කිරීමෙහිල අඛණ්ඩව දෙවැනි වසරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ආහාරපාන සන්නාමය ලෙස නෙස්ලේ සම්මානයට පාත්‍ර විය.

මේ සමඟ මෙරට වඩාත්ම වටිනා පාරිභෝගික සන්නාම අතර 8 වැනි ස්ථානය දිනා ගැනීමට ද නෙස්ලේ සමත් වූ අතරල එම සන්නාම 10 අතරට අයත් එකම ආහාරපාන සන්නාමය නෙස්ලේ වීම ද විශේෂත්වයකිග දේශීය ව්‍යාපාර ප්‍රජාව අතර මහත් ගෞරවයක් දිනා සිටින මෙම ශ්‍රේණිගත කිරීම මගින් සන්නාමවල වටිනාකම සහ ශක්තිය මැනබැලීම සිදුකරයි.

ඊට අමතරව නෙස්ලේ සන්නාම හතරක් මේ වසරේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනතා ආදරය දිනාගත් සන්නාම අතරට එක්වීම ද කැපීපෙනෙයි. 2022 වසර මෙන්ම මෙවරත් කිරි ආහාර- මෝල්ට් පාන අංශයේ පළමු ස්ථානය දිනාගැනීමට නෙස්ටොමෝල්ට් සන්නාමයට හැකිවිය. එම අංශයේම දෙවැනි ස්ථානය මයිලෝ සන්නාමයට හිමි වූ අතරල ආහාර අමුද්‍රව්‍ය අංශයේ දෙවැනි ස්ථානය මැගී සන්නාමයට දල ජෑම් සහ සෝස් අංශයේ දෙවැනි ස්ථානය මිල්ක්මේඩ් සන්නාමයට ද හිමිවිය.

අඛණ්ඩව දෙවැනි වසරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ආහාරපාන සන්නාමයට බවට පත්වීම අපට විශාල ගෞරවයක්ග මේ හරහා උසස් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන පිළිගැන්වීමටත්, සුවිශේෂී පාරිභෝගික අත්දැකීම් පිරිනැමීමටත් අප සතු කැපවීම පෙන්නුම් කරන අතරම, අපගේ පාරිභෝගිකයන් සහ පාර්ශ්වකරුවන් සතු විශ්වාසය සහ ළබැඳියාවත් මැනවින් පිළිබිඹු වෙනවා. එමෙන්ම අපගේ සන්නාම හතරක් ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනතා ආදරය දිනාගත් සන්නාම අතරට පත්වීම පිළිබඳවත් මම බොහෝ සේ සතුටු වෙනවාග මේ සෑම සන්නාමයක්ම ගොඩනැංවීම සඳහා අපි විශාල පරිශ්‍රමයක්ල උනන්දුවක් සහ කැපවීමක් සිදුකොට තිබෙනවාග  එවන් පසුබිමක ගෙවුණු වසර ගණනාව මුළුල්ලේ පාරිභෝගිකයන් සහ අපගේ සන්නාම අතර ශක්තිමත් සබඳතාවක් ගොඩනැඟී තිබෙනු දක්නට ලැබීම මහත් සතුටක්ග මෙවැනි බුහුමුන් මගින් විශිෂ්ටත්වය සඳහා අප සතු කැපවීමට ලැබෙන්නේ මහත් දිරියක්ග අපි ඉදිරියටත් නව්‍යතාව තුළින් උසස් ප්‍රමිතියේ නිෂ්පාදන හඳුන්වා දෙමින් පාරිභෝගිකයන්ටල ප්‍රජාවට මෙන්ම පරිසරයටත් ධනාත්මක දායකත්වයක් ලබාදෙනවා, යනුවෙන් නෙස්ලේ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ බර්නාඩ් ස්ටෙෆාන් මහතා ප්‍රකාශ කළේය.

595



අදහස් (0)

ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ආහාරපාන සන්නාමය නෙස්ලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site