IMG-LOGO

ශෙහාන් මාලකට ඇප

(නිමන්ති රණසිංහ)

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා රජය  කෙරෙහි ජනතාවගේ අනාදරය ඇතිවන ආකාරයෙන් කටයුතු කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයකු වන ශෙහාන් මාලක ගමගේ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (15) නියෝග කළාය.

සෑම මසකම අවසන් ඉරුදින පෙරවරු 9ත් 12ත් අතර කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසටද නියෝග කළ මහේස්ත්‍රාත්වරිය, සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළාය.

මෙම සැකකරු ඉකුත් අගෝස්තු මස 17 වැනිදා මරදානේ පිහිටි සාමය හා සමාජයීය කේන්ද්‍රයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම සැකකරු දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්ති ප්‍රකාරව රජය කෙරෙහි ජනතාවගේ අනාදරය ජනිත වන ආකාරයෙන් කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අත්අඩංගුවට ගත් බව අධිකරණයට කරුණු ඉදිරිපත් විනි. 

 



අදහස් (6)

ශෙහාන් මාලකට ඇප

sharm warn Tuesday, 15 February 2022 01:04 PM

අනේ පව්...! අධිකරණයට වෙච්චි දෙයක්... මිනී මරණ එකට වඩා රජය අනාදරයට පත්කරන එක සාහසික අපරාධයක්ද? අනිත් එක මේ කාලකණ්ණි රජයට ආදරෙන් කවුරුහරි ඉන්නවා කියලාද හිතාගෙන ඉන්නේ? එයාලාට පොඩ්ඩක්වත් රටේ වෙන දේවල් ගැන අවබෝධයක් ඇත්තේම නැද්ද?

:       31       22

sena Tuesday, 15 February 2022 01:12 PM

රජයද? ආණ්ඩුවද?

:       39       14

duplicate Ralahami Tuesday, 15 February 2022 01:31 PM

ජනතාව ඉන්නේ අප්‍රසාදයෙන් තමයි...! ඔහොම කළාම තව ප්‍රසාද ලැබෙයිද? නැත්තටම නැතිවෙයිද?

:       26       62

isuru Tuesday, 15 February 2022 01:43 PM

හෑ... එතකොට මේ ආණ්ඩුවට ජනතාව ආදරෙයිද?

:       26       38

Jude Tuesday, 15 February 2022 02:22 PM

සිරිල් ගාමිනීගේ මඩ බලකාය. හොඳට තිබුණු ආගමකට ගිය කලක්....

:       43       63

thushara Tuesday, 15 February 2022 02:24 PM

අනාදරය ඇතිවෙන්න මෙයාලා හිතාගෙන ඉන්නවද දන්නේ නෑ. අපි රජය කෙරෙහි ප්‍රේමයෙන් වෙලිලා ඉන්නවා කියලා... කොහොමත් ඡන්දයක් තිබ්බා නම් ආදරේ අනාදරේ බලාගන්න තිබුණා හොඳට...

:       28       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site