
(ඉන්දිකා රාමනායක සහ සුජිත් හේවාජූලිගේ)
නව යුද හමුදාපතිවරයා වශයෙන් හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇත.
මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ලබන ජුනි මස 01 දින සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවසීය.
ආරක්ෂත මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මැයි මස 31 වන දින යුද හමුදාධිපති ධූරයෙන් විශ්‍රාම යන බවද හෙතෙම කීය.
යුදහමුදා සේවයෙන් විශ්‍රාම යන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ජුනි 1 වන දින සිට රාජකාරි බාර ගැනීමට නියමිතව බවද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය .
ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දසේනත් එක්ක වැඩකරලා ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නම්බුවත් නැතිවුණා.
ඔබ දුන් සේවටය ස්තුතියි.. ඒ වගේම ඔබේ උසස්වීමට සුභාශිංසන.. නිරෝගි වේවා.. සතුටින් ඉන්න..
වහල් ජෙප්පන් හැර වෙන කිසිවෙක් ඔයවැනි ගුණමකු කතා නොකියති.
ගජබා ගොට්ටන්.. !