IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ශ්‍රී ලංකාවේ කොවිඩ් වයිරසය 3 වැනි මට්ටමට ළඟා වෙලා

 

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවේ කොවිඞ් වසංගත තත්ත්වය මේ වන විට එහි තුන්වන මට්ටමට ළඟා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා පැවසීය.

කොවිඞ් වසංගතයේ අදියර 4ක් පවතින අතර පළමු මට්ටමේදී විදේශවලින් පැමිණි අය වැනි පිරිස් අතුරින් කුඩා ප්‍රමාණයක් වාර්තාවීමත්,  දෙවන මටට්ම රට තුළ විශාල වශයෙන් නොපැතිරුණු එක් පොකුරක් පැවතීමත්, තුන්වන මට්ටමේදී රෝගී පොකුරු කීපයක් මතුවීම හා හතරවන මට්ටම පොකුරු කිහිපයක් සමඟ සමාජ පැතිරීමක් පවතින බවත් වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා පැවසීය.

මෙම මට්ටම් පිළිවෙළින් කොළ, කහ, තැඹිලි, රතු වර්ණයන්ගෙන් දැක්වෙන බව ද කී වෛද්‍යවරයා මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින්නේ තුන්වන මට්ටමේ බව ද සඳහන් කළේය.

පාලිත කරුණාප්‍රේම මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රටේ නිරෝධායන ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල මෙන්ම නොමැති ප්‍රදේශවලත් සියලුම රජයේ රෝහල් විවෘතව පවතින නිසා කිසියම් අයෙකුට හෘදයාබාධයක්, අංශභාග තත්ත්වයක් වැනි හදිසි රෝගී තත්ත්වයක් මතුවුවහොත්  රෝහල්වල බාහිර රෝගී අංශයට පැමිණිය යුතු බව ද කීවේය.

නිරෝධායනය වන අයකුට හදිසි රෝගී තත්ත්වයක් ඇතිවුවහොත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා හෝ ප්‍රදේශයේ බලධාරියකුට දැනුම් දුන් විට ගිලන්රථයක් මගින් රෝහල් ගත කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බව කී වෛද්‍යවරයා සෑම රෝහලකම නිරෝධායනය වන අය වෙනුවෙන් ද ප්‍රතිකාර කිරීමේ පහසුකම් පවතින බව පැවසීය.



අදහස් (10)

ශ්‍රී ලංකාවේ කොවිඩ් වයිරසය 3 වැනි මට්ටමට ළඟා වෙලා

Demuni Uduwara Friday, 06 November 2020 03:09 PM

අපේ දැනීමට අනුව නම් අපිට පේන්නේ රතුපාටින්...

:       0       3

Hafeel Friday, 06 November 2020 03:29 PM

එතකොට පවිත්‍රා කියනවා වගේ තාම සමාජගත වෙලා නැහැ නේද?

:       0       4

අමල් Friday, 06 November 2020 03:33 PM

දැන්වත් හෙළ වෙදකමට අවස්ථාවක් දීලා බලන්න...

:       9       3

de silva Friday, 06 November 2020 03:34 PM

එහෙම වෙන්නේ කොහොමද? පවිත්‍රා මැඩම් කියන විදිහට ඕක සමාජගත වෙලා නැහැ.

:       0       4

Perera Friday, 06 November 2020 07:08 PM

බයවෙන්න දෙයක් නැහැ... තවම සමාජගතවීමක් නැහැ. මේ අය ඔක්කොම වූහාන් පොකුරට සම්බන්ධයි.

:       1       14

De Friday, 06 November 2020 10:25 PM

තාම මේ මගුල සමාජගත වෙලා නැද්ද සර්?

:       0       8

සිරිබිරිස් Saturday, 07 November 2020 05:11 AM

ලංකාව තියෙන්නෙ ඇත්තටම 3ටද?

:       1       5

Rata Perata Saturday, 07 November 2020 08:44 AM

අනේ කොච්චර හොඳ නිවුස් එකක්ද? නන්දසේනට තව 21 වගේ ගේන්න ඕනෑ නම් මෙන්න වෙලාව. ඕක කොහොම හරි 10වැනි මට්ටමට විතර දාගන්න තිබුණා.

:       2       8

Wca Saturday, 07 November 2020 11:31 AM

බය වෙන්න එපා. සුදත් සමරසිංහ මහත්තයා ඉන්නකල් සමාජගත වෙන්නේ නෑ.

:       1       4

සමන්තSaturday, 07 November 2020 01:02 PM

කොහොමත් සමාජගත වෙන්නේ නෑ. හැම පොකුරම අන්තිමට වූහාන් පොකුරටනේ සම්බන්ධ වෙන්නේ. කොරෝනාවෙක් අහසින් වැටුණොත් විතරයි සමාජගත වෙන්නේ.. දැනට වෙලා තියෙන්නේ කෙරෝනා සමාජගතවීම නොවේ සමාජය කොරෝනාගත වීමයි.

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31632 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14055 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site