(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ සභාපතිව කටයුතු කරමින් ශ්‍රී ලංකා රජයට පාඩුවක් සිදු කළේ යැයි කියන එම සමාගමේ හිටපු සභාපති ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ සැකකරු ලබන 01 දින දක්වා රක්ෂිතව බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද නියෝග කළේය.
නාවල ප්‍රදේශයේදී ඊයේ දහවල් අත්අඩංගුවට ගත් සැකකරු 2014 ජනවාරි 22 දින මැලේසියාවේ කෝලාම්ලාම්පූර්ණ නුවර සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිත යූ එල් 319 ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් රජයට පාඩුවක් කිරීම.,එම වසරේම ජනවාරි 26 දින මාළ දිවයින සිට ලංකාව හරහා ප්‍රංශය බලා යන ගුවන් මගීන් 75 දෙනෙකු යූ එල් 563 දරණ ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් ඇමරිකන් ඩොලර් 19160ක් රජයට පාඩු කිරීම හා 2014 දෙසැම්බර් දහනමයෙන් දින කටුනායක 18 කණුව පැවති මැතිවරණ රැලියක ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් 1250000.00 මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනිණි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ශ්රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති රිමාන්ඩ්
AK Friday, 27 June 2025 08:22 PM
ලංකාවේ බලයට පත්වන දේශපාලකයින්ට රට දියුණු කිරීමට අවශ්‍ය වූයේ ඉතා සීමිත පිරිසකට පැමිණි... බහුතරයක් දේශපාලනයට පැමිණියේ බලය ලබාගැනීම, ඔවුන්ගේ හෝ පවුල්වල හිතවතුන්ගේ ව්‍යාපාර කිරීමට රජයේ මුදල් අයථා ලෙස යෙදවීම, මුදල් දේපල ඉපැයීම, වරප්‍රසාද ලබාගැනීම වැනි පුද්ගලික කාරණා නිසාවෙන් බව රටේ පුරවැසියන් දනී.. සහ මෙතෙක් සිදුවූ දේශපාලන කාරණා අනුව පැහැදිලිව පෙනෙන්නට ඇත. ලංකාව දියුණු කිරීමට සහ ජනජීවිතය නගාසිටුවීමට නම් දූෂණයට එරෙහිව ක්‍රියා කළයුතු බව IMF සහ ලංකාවේ විදේශ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය. එවැනි විදේශ ඉල්ලීම් මත පාර්ලිමේන්තුවේ සම්මතව දැනට ක්‍රියාත්මක වන්නා වූ දුෂණ විරෝධී පනත නිසා ලංකාව දුෂණයට එරෙහිව ක්‍රියාත්මක වන රටක් බවට විස්වාසය වර්ධනය වෙමින් තිබේ.
prasanna Saturday, 28 June 2025 12:00 PM
මාර චෝදනා මේවා... බස්වල සෙනග අඩු වුණොත් ඩිපෝ අධිකාරිවරුන්ටත් නඩු වැටෙයි. ඔහොම යමු.
fairoos Saturday, 28 June 2025 12:43 PM
හිටපු ආණ්ඩුවල හොර අල්ලනවා නම් NPP තවත් අවුරුදු 20ක් වත් බලයේ ඉන්න වෙයි.
Lalla Saturday, 28 June 2025 02:20 PM
ඒ කාලෙ වටකරගෙන හිටිය කිකිලියෝ එක්ක කූඩුවට යන්න තිබුණා නම් නරක නෑ නේද?
විපරමා Saturday, 28 June 2025 02:41 PM
කිසිම උගත්කමක් සුදුසුකමක් නැති නෑයෙක්ව දාගෙන හතර වරිගෙම ඉන්න අය, ඔවුන්ගෙ අය බුරුතු පිටින් පිනට හිතේ හැටියට සවාරි ගැහැව්වා.