
(මනෝප්රිය ගුණසේකර)
රෝගී තත්වයකට ප්රතිකාර ගැනීමට විදේශ ගතවු තමන් යළි ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට හැකියාවක් ඇති හෙයින් අත්අඩංගුවට ගැනීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ගොනු කර ඇති අපේක්ෂිත ඇප ඇයැදුම් පත්රය හෙට (06) මාලිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණයේ කැඳවීමට නියමිතය.
අත්අඩංගුවට ගැනීමකින් තොරව ආරක්ෂිතව තමන්ට ලංකාවට පැමිණීමට හැකිවන අයුරින් නියෝගයක් නිකුත් කරන්නැයි ශිරන්ති රාජපක්ෂ මහත්මිය ගොනු කළ අපේක්ෂිත ඇප ඇයැදුම් පත්රය සළකා බැලීමෙන් අනතුරුව මාලිගාකන්ද මහෙස්ත්රාත් ජනිතා පෙරේරා මහත්මිය කළ නියෝගයකට අනුව අපේක්ෂිත ඇප ඇයැදුම් පත්රය අද දිනයේ කැඳවීමට නියමිතය.
මේරී ලූවිස් ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් මාලිගාකන්ද මහෙස්ත්රත් අධිකරණයට අදාළ අපේක්ෂිත ඇප ඇයැදුම් පත්රය ඉදිරිපත් කර ඇති අතර අත්අඩංගුවට ගැනීමකින් තොරව ආරක්ෂිතව තමන්ට ලංකාවට පැමිණීමට හැකිවන අයුරින් නියෝගයක් නිකුත් කරන ලෙසද අදාළ ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති මෙම අපේක්ෂිත ඇප ඇයැදුම් පත්රයේ වගඋත්තරකරු වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්යක්ෂවරයා නම් කර ඇත.
නීතීඥ ජයබාලන් මහතා මඟින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙම අපේක්ෂිත ඇප ඇයැදුම් පත්රය ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔව්! අපේ රටට කරපු සේවයට රෙඩ්-කාපට් දාලා, අත් දෙකටත් විලංගු දාලා, මාර මඟුල් බෙර ගහලා පිරිවරාගෙන එන්නම ඕනේ…!!!
දැන්ද සිරිලිය, හෙරලිය අම්මණ්ඩි අත් අඩංගුවට පත්වී, රට උළු ගෙදරට යාමට බය වෙලා නීතියේ පිහිට පැතීමට හිතාගෙන පිටරට පැලපදියම් වෙලා අධිකරණය ඉදිරියේ දනින් වැටී, සාරියේ චූ හලාගෙන කදුළු පෙරන්නෙ ? අධිකරණය මුන්දෑගෙ අයුක්ති සහගත ඉල්ලීම ප්රතික්ෂේප කලොත් ???
හෙරලිය කියල නමකුත් පටබැදුනා.
මේවට ඉඩ දුන්නොත් රටේ ඉන්න ලොකු පොඩි හොරු සියලුදෙනාම අධිකරනෙට මෙවැනි ඇප ඉල්ලීම් ඉදිරිපත් කරාවි , මේක නරක පුර්වාදර්ශයක් , සාධාරණ සැකයක් තිබෙනවා නම් පොලිසියට ඕනෙම කෙනක් අත්අඩංගුවට අරන් අධිකරනෙට ඉදිරිපත් කරන්න ඉඩ දෙන්න ඕනේ , ඊට පස්සේ අධිකරනෙට පුළුවන් කරුණු කාරණා සලකල බලලා තිරනෙකට එන්න ,