
(අංජුල මහික වීරරත්න)
ආර්ථික වශයෙන් ශක්තිමත් රටවල් මානව හිමිකම් රකිනවාද යන ප්‍රශ්නාර්ථය ලෝකය ඉදිරියේ තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ජාත්‍යන්තර මානව හිමිකම් දින 77 වැනි සැමරුම් උත්සවය අමතමින් අද (10) පැවැසීය.
වත්මන් ලෝකය ඉතා තදින් කතා කරන මානව හිමිකම් ගැන මුලින්ම කතා කළේ බුදුන් වහන්සේ බව ද අබේවර්ධන මහතා කීය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙම උත්සවය පැවැත්විණි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම මානව හිමිකම් දින සැමරුම වෙනුවෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කර තිබූ අතර වජිර අබේවර්ධන මහතා එය සභාවට ඉදිරිපත් කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධාන උපදේශක වැල්ලම්පිටියේ සුමන ධම්ම නා හිමිද ,එක්සත් ජන රජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහත්වරුද සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 04
495
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
471
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශක්තිමත් රටවල් මානව හිමිකම් රකිනවාද ප්‍රශ්නයක්
වින්සන්ට් කජ්ජා Wednesday, 10 December 2025 02:59 PM
ඉතිං අපි මොකටද රකින්නේ. ඒකනෙ අපේ පක්ෂයේ නායකතුමාලා, අනුගාමිකයෝ ආදර්ශයෙන්ම පෙන්නලා තියෙන්නේ.