(තරංග ගුණරත්න)
මිදිගම සංචාරක හෝටලයක් අසලදී නාඳුනන පිරිසකගේ වෙඩි පහරකට ලක්ව තුවාල ලැබූ හෝටල් හිමිකරු මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම ජීවිතක්ෂයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
හෝටල් හිමිකරු ඔහුට අයත් හෝටලය අසල යතුරු පැදියක සිටියදී වෑන් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි නාදුනන පිරිසක් ඊයේ පස්වරු 6:30 ට පමණ හෝටල් හිමිකරුට වෙඩි තබා පලා ගොස් තිබුණි
මෙහිදී බරපතළ තුවාල ලැබූ වයස 31 පමණ වන හෝටල් හිමිකරු ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කොට තිබේ. එහිදී වෙඩි වැදී තුවාල ලැබූ Cheeky monkey sleep and cafe නැමති හෝටලයේ හිමිකරුවන පසිඳු සඳරුවන් දොඩම්ගොඩගේ 30 දින අලුයම මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. වෙඩි තබා පලා ගිය පිරිස කවුරුන්ද යන වග මෙතෙක් අනාවරණය වී නොමැති බව සදහන්.
COMMENTS
කප්පන් සීන් එකක්ද ? ඔය පැත්තේ කප්පන් සීන් වැඩියි
අපේ රට තවදුරටත් බංකොලොත් රටක් නෙමෙයි .නායක සීයා
ඔය ගමෙ මිනිස්සු නැද්ද වෙඩිතියපු එවුන් අල්ලගෙන ගිහිල්ල පොලිසියට බාරදෙන්න.
ඔය දකුණේ උදවියගේ හැසිරීම තමයි.
බොලා ඔඛ්කොම එකතු වො රාජපක්ෂලාට ඡන්දේ දීලා දැන් එනවා උතුර දකුණු හොයන්න.