IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විෂ පොල්තෙල් වෙළඳපොළේ

(සුජිත් හේවාජුලිගේ )

විෂ කාරක පොල්තෙල් (ලූස් තෙල්) වෙළඳපොළේ සුලභව  පැතිර ඇති හෙයින් ඒ ගැන දැඩි විමසිල්ලෙන් පසු වන්නැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ හේතුවෙන් නිෂ්පාදකයා ගැන සඳහන් ලේබලයක් සහිත පොල්තෙල් මිලදී ගන්නා ලෙස ජනතාවගේ ඉල්ලීමක් කරන බව  සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසූවේ කොළඹදී අද (8) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ආනයනික පොල්තෙල් ගුණාත්මක බවින් ඉහළ බවට මහජන සෞඛ්‍ය ප්‍රධානියකු වැරදි ප්‍රකාශයක් කර ඇති බවත්  ඔහුගේ එම ප්‍රකාශය ජන තාව නොමග යවන සුළු  වැරදි  එකක් බවත් ඔහු සඳහන් කළේය.

කෘතිමව පිරිපහදු කළ පාවිච්චි කළ තෙල්වල බැරලෝහ අන්තර්ගත වන බවත් මේවා පාවිච්චි කිරීමෙන් බෝ නොවන රෝග වැළඳෙන්නේ යයි සොයාගෙන ඇති බවත් බුද්ධිකද සිල්වා මහතා පැවසීය.

නිසි විද්‍යාත්මක පරීක්ෂාවක් කෙරී නැති තත්ත්වයක් යටතේ ආනයනික පොල්තෙල් හොඳ යයි ප්‍රකාශ කරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ තුෂාර විජේසිංහ සහ එස්.කේ.බී ජයවීර යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (2)

විෂ පොල්තෙල් වෙළඳපොළේ

Lalla Tuesday, 08 October 2024 02:17 PM

ඔය කියන තරම් පාවිච්චියට ගත් පොල්තෙල් කොහොමද ඉතිරි වෙන්නේ. ඒවත් එන්ජින් ඔයිල් වගේ කියලා හිතාගෙනද? බොරුව වුණත් සීමාව පසුකර යන එක වැරදි. ලේබල් සහිත ඇසූරු තෙල් ගන්න සාමාන්‍ය ජනතාවට බෑ. අසීමිත ඉහළ මීලක් තියෙන්නේ.

:       2       5

Super6 Tuesday, 08 October 2024 05:31 PM

නිෂ්පාදකයාගේ නම ගහලා ලේබලයක් ගහපු පලියට 100% හොඳ පොල්තෙල් කියලා කියන්නේ කොහොමද? කොහොමටත් පොල්තෙල් import කරන කාලෙට ලූස් තෙල් කවලම් කරලා දේශීය පොල්තෙල් කියලා බෝතල් කරලා විකුණනවා නේද...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site