
(අංජුල මහික වීරරත්න)
විශේෂ කාර්ය බලකාය සඳහා යතුරු පැදි 100 ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විශේෂ කාර්ය බලකාය යටතේ මුළු දිවයිනම ආවරණය වන පරිදි ප්‍රධාන කඳවුරු 76ක්, උප කඳවුරු 23 ක් සහ විශේෂ ඒකක 14ක් ක්‍රියාත්මක වේ. එම බලකාය වෙත පැවරී ඇති රාජකාරී ඉටු කිරීම සඳහා දැනට පවතින යතුරු පැදි 314 න් 90%ක් පමණ වසර 10 කට වඩා පැරණි වීම හේතුවෙන් නිරන්තර කාර්මික දෝෂයන්ට ලක් වේ. එම තත්ත්වය විශේෂ කාර්ය බලකාය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ වැටලීම් ක්‍රමානුකූලව හා ප්‍රශස්ත මට්ටමින් ඉටු කිරීමට බාධාවක් වී තිබේ. ඒ අනුව, මත් උවදුර මැඩලීම සහ සංවිධානාත්මක පාතාල කණ්ඩායම් මර්ධනය කිරීම වැනි රාජකාරීන් කාර්යක්ෂමව ඵලදායි ලෙස ඉටු කිරීමට හැකිවන පරිදි විශේෂ කාර්ය බලකාය සඳහා එන්ජින් ධාරිතාව 125cc ප්‍රමාණයේ යතුරු පැදි 100 ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිල දී ගැනීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 ඔක්තෝබර් මස 08
1974
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1546
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විශේෂ කාර්ය බලකායට ත්‍රිරෝද රථ පනහක්
ගුණරත්න Tuesday, 04 November 2025 02:11 PM
මහා විහිළුවක් නේ, වෙනත් රටවල පොලිස් විශේෂ කාර්ය බලකාය කියන්නේ ස්වැට් ටීම් වගේ විශේෂ පුහුණුවක් ඇති කණ්ඩායම්, ඔවුන් යන්නේ විශේෂයෙන් හදපු රථවල. ඔවුන්ට හෙළිකොප්ටර යානා පවා තිබෙනවා.