IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


විශ්ව බුද්ධි මුනි යළි වැඩ පටන් අරන්

(රෝෂන් තුෂාර)

සුනඛයකුට සිවුරක් පොරවමින් බුදු දහමට නිගා වන " ටික් ටොක්" වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරියේ යැයි අත්අඩංගුවට ගෙන ඇප නියම වූ රත්නපුරේ විමල බුද්ධි නොහොත් "විශ්ව බුද්ධි මුනි" චීවරධාරියා බුදුදහමට නිගා වන වීඩියෝ පළ කිරීම යළිත් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වමින් පැවසීය.

අන්තර්ජාලයේ පලවන වීඩියෝ සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් මෙම කරුණු දැක්වීම කර ඇත.

සැකකාර හිමිනම රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පසුගිය (09) නියෝග කළේය.

සැකකරු කළේ යැයි කියන ප්‍රකාශය 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනතේ 3(01) වගන්තිට ගැනෙන වරදක් නොවන බවට නිගමනය කරමින් මෙම ඇප ලබාදීම සිදුකරන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය .

සම්මුති පනත යටතේ ඇප ලබා දුන්නද ආගමට අපහාසයක් කිරීම සම්බන්ධයෙන් දණ්ඩන නීති සංග්‍රහයේ 290 හා298 වගන්ති යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් නඩුව පවරා පවත්වාගෙන යෑමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් ඇති බවට,හා එසේ විමර්ශනය කිරීමට බාධාවක් නොවන බව ද මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය නිකුත් කරමින් දන්වා සිටියේය .

 



අදහස් (12)

විශ්ව බුද්ධි මුනි යළි වැඩ පටන් අරන්

ලුම්බිණි Friday, 19 January 2024 09:23 AM

ඒ මිනිහා පිස්සෙක් උනා කියල අනෙක් මිනිස්සු පිස්සෝ වෙන්න අවශ්‍ය නැහැ නේද?

:       52       23

Gajamithuru Friday, 19 January 2024 10:12 AM

කොහොම හරි ලංකාවට භයානක කාලයක් එනවා කියන පෙරනිමිති තියෙනවා බණ්ඩාරනායක බලයට ආවෙ කැළනියේ පංසල මූලික කරගෙන තමයි දෙවනුව ගෝඨාභය බලය ගත්තෙත් එම පංසලම මුල් කරගෙන තමයි ඒ අවස්ථා දෙකේදීම රටට හොදක් වුනේ නැහැ ආණ්ඩුව අඩුකාලෙකින් අවසන් වුනා දැන් ආයෙමත් විවිධාකාරයෙන් කැළණිය මුල්කරගෙන විගඩමක් වෙනවා ඒ වගේම 1956 වගේ මෙහෙම එවුනුත් එළිබහින්න පටන්ගෙන තියෙනවා කවුරු දිනුවත් අවුරුදු දෙකක් තරම් කාලය ශුභ වෙන්න බැහැ එහෙම කිව්වෙ 1956 හා 2019 සිදුවූ දේවල් අනුව තමයි

:       84       26

රංබොඩ Friday, 19 January 2024 10:24 AM

ඉතා දුර්වල යල්පැන ගිය නීති පද්ධතියක් ඇති රටක මිනිසුන් හිතුමතේට වැරදි කරනවා. මේ වගේ දුර්ජනයින් මෙහෙයවන්නේ N.G.O. නඩ වලින්. බුද්ධ දර්ශනයට නිගා කරන තරමට ඔවුන්ගේ පොත් මුදල් වලින් පිරෙන අතර ඊට සමපාතව අකුසල්ද පිරී ඉතිරී යනවා. ඒ අකුසල් ගෙවන්න වෙන්නෙ තම තමන්ට තනියෙමයි.

:       9       85

NamalFriday, 19 January 2024 11:24 AM

ඒක නේ මෙයා .දඬුවම් අවශ්‍ය නෑ .කරුමෙන් ගෙවෙයි

:       32       28

අරවින්ද මොනරවිල Friday, 19 January 2024 10:37 AM

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වියදම කරන මුදලුත් අපරාධයක් වෙනවා, මේ වගේ ගොන් වැඩ කරන විට. එක පැත්තකින් නීතිය හරියට නොදැන නඩු පවරනවා අනිත් පැත්තෙන් වැඩකට නැති ගොන්නු ප්‍රමෝට් කරනවා. මේක බොහොම වෙලාවට රනිල් බැසිල් කල්ලියේ උගුලක් වෙන්න පුළුවන් ගිය පාර පාස්කු ප්‍රහාරය වෙන්න ඉඩ ඇරලා රට පස්සේ රට අනතුරේ කියලා රට බේරා ගන්න විරුවෙක් කියලා බූරුවෙක් ගෙනාවා. මෙදා සැරේ ආගමයි සංස්කෘතික යයි අනතුරේ කියලා, ඒක බේරා ගන්න තව මොකෙක් හරි තක්කඩියෙක්ව ගෙනෙන්න ප්ලෑන් කරන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. ඒකට තමයි මේ පෙරහැරේ කසකාරයෝ එන්නේ. සිංහල ජාතිය බේරා ගන්න ඤාණසාරලා සුදත්තලා ආවා වගේ දැන් බුද්ධාගමයි දේශිය සංස්කෘතියයි බේරා ගන්න කස්සපලා ව්ජේලා එලි බැහැලා ඉන්නවා.

:       53       23

නිහාල් Friday, 19 January 2024 11:31 AM

ඇප දුන්න පලියට මානසික රෝගියෙක් සුව වෙන්නේ නෑ. මෙයාව ප්‍රතිකාර සදහා යොමු කරවන්න ඕන.

:       2       60

Bamunuarachchi Friday, 19 January 2024 12:06 PM

නානඳුන තුවක්කු කරුවෙකුට වැඩේ බාරදෙන්න කාලේ ඇව්ල්ලා වගේ.

:       24       85

නිහාල් Friday, 19 January 2024 04:20 PM

ඔහේ වගේ අයත් රටට පිළිලයක්... අඩුම ඒ මනුස්සයා මිනිස්සු මරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒකට ඔහේ...!

:       29       9

Bamunuarachchi Sunday, 21 January 2024 08:50 AM

මෙයා මරන්නේ එක මිනිහෙක් නොවෙයි බෞද්ධ සංහතියම... දැනටමත් ජෙප්පෝ මිනිස්සු තිරිසන් කරලා කරලා අවසන් තරුණ සිත්වල වෛරය, ක්‍රෝධය, තියන මිනිහාට ඊර්ෂාව පුරවලා. මේ වගේ අය මෝඩ මිනිස්සුන්ගේ සිත් විනාශ කළොත් මිනිස්සු මරනවාට වඩා භයානකයි. ඒක වඳුරාට දැලිපිහියක් දුන්නා හා සමානයි.... ඒක තේරුම් ගන්න.

:       0       0

Dasa PFriday, 19 January 2024 06:34 PM

නමටම ගැලපෙන අදහස... ඔහේ ඇත්තටම බෞද්ධයෙක්ද?

:       16       4

Bamunuarachchi Sunday, 21 January 2024 09:08 AM

Dasa ඔබ රටේ ඉතිහාසය දන්නේ නැහැ වගේ. ඔය ප්‍රශ්නය දුටුගැමුණු රජුගෙන් අහන්න තිබුනේ. එතුමාගේ දෙමළුන් සමග යුද්දකරන්න හේතුවට කිව්වේ සිංහල ජාතියෙත් බෞද්ධ සාසනයේ උන්නතිය සඳහා යුද්ද කරන බවයි. ලංකා ඉතිහාසයේ බෞද්ධයා බුද්දාගම රැක ගැනීමට සටන් කලේ නැතිනම් සොලීන් මෙරට අල්ලා ගෙන අපි සොලීන් වෙලා. බෞද්ධ ආගම රැක දෙන්න අපිට බෞද්ධ කම පත්තකින් තියාන්න කාලය ඇවිල්ලා.

:       0       0

P. de. silva - North America Friday, 19 January 2024 05:04 PM

මෙච්චර වැඩ දෙන රටේ මේ වගේ බලුවැඩ කරන අයට හොඳ පාඩමක්, වැඩක් දීලා මේ වගේ අය රටෙන් සහ සමාජයෙන් අයින් කරන්න කවුරුවත් නැද්ද? අපේ ඉපැරැණි නිර්මල බුදුදහමත්, රටත්, සංස්කෘතියත් ආරක්ෂා වේවා...! රටවැසියන්ගේ සහ පාලකයන්ගේ ඇස් ඇරේවා...

:       2       20

ඔබේ අදහස් එවන්න

දියත

ෆවුසිට නොතිසි
2024 අප්‍රේල් මස 29 12 0

ආපදා කළමණාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් ලබාදී තිබු ලෑන්ඩ් කෲසර් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්‍ෂ 10 කට අධික


අධ්‍යාපනය නංවන්න විදෙස් සරසවි සමග ගිවිසුම් හයක්
2024 අප්‍රේල් මස 29 71 0

උසස් අධ්‍යාපනික සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් මෙරට විශ්ව විද්‍යාල සහ විදේශීය විශ්ව විද්‍යාල සහ නියෝජිතායතන අතර ගිවිසුම් හයකට එළඹීමට රජය තීරණය ක


අවුරුදු සමයේදී මහජන බැංකු‍වේ මිලියන 17කට අධික ගනුදෙනු
2024 අප්‍රේල් මස 29 10 0

මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 568කට අධික වටිනාකමකින් යුත් මිලියන 17කට අධික ගනුදෙනු සංඛ


ගාසා ළමා අරමුදලේ කාලය දිගු කරයි
2024 අප්‍රේල් මස 29 77 0

ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායක විය හැකි කාලය මැයි 31 දක්වා දීර්ඝ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


පරාතේ තහනම මැතිසබයට
2024 අප්‍රේල් මස 29 226 0

බැංකු විසින් නිකුත් කෙරෙන ණය වෙනුවෙන් උකසට ගන්නා දේපළ වෙන්දේසියේ විකිණීම ( පරාතේ නීතිය) අත්හිටුවීම සඳහා ඉදිරිපත් කර ඇති බැංකු විසින් ප්‍රදානය කරන ලද


පාස්කු පීඩිතයන්ට ගෙවල් 223ක් බාර දෙයි
2024 අප්‍රේල් මස 29 204 0

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 223 ක් සඳහා නිවාස ඉදිකර බාර දී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 382 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1777 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1609 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site