IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විදේශ ලොක්කෝ දෙදෙනෙක් හදිසියේ මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයෙහි (FCDO) ඉන්දු පැසිෆික් කලාපීය සංවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ පාලන උපදේශක ආචාර්ය බෙන් පවිස්  සහ කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන ප්‍රධානී ටොම් සෝපර් යන මහත්වරු පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම්  සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ  චමින්ද කුලරත්න මහතා හමුවී සාකච්ඡා පැවැත්වූහ.

මෙම සුහද සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ  හංස අබේරත්න මහතාද සහභාගී විය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ සමීපව කටයුතු කරන එක්සත් රාජධානියේ  සහ  ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ දායකත්වය  පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම්  චමින්ද කුලරත්න මහතාගේ ඇගයීමට ලක්විය.

එලෙස දුන් සහයෙන්  ආයතනයක් ලෙස පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් කිරීමට හැකිවූ  බවත් සෑම  අවස්ථාවකදීම දක්වන්නාවු නොමද සහයෝගයට කෘතඥතාව පළ කරන බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම , පාර්ලිමේන්තුවේ ඉදිරි වැඩකටයුතු සඳහාද එම සහයෝගය බලාපොරොත්තු වන බව   කුලරත්න මහතා  තවදුරටත්  සඳහන් කළේය.



අදහස් (0)

විදේශ ලොක්කෝ දෙදෙනෙක් හදිසියේ මැතිසබයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 432 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 238 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site