(යොහාන් භාසුර)
නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා ප්‍රවාහන කරමින් තිබූ විදේශීය දුම්වැටි 2000 ක් සමඟ පුද්ගලයෙකු කොළඹ 11 මල්වත්ත පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව කළ මෙහෙයුමකදී සැකකරු සහ දුම්වැටි තොගය අත්අඩංගුවට ගත් බවත් නාවික හමුදාවට ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය සහ කොළඹ වේල්ලවීදිය පොලීසිය එක්ව මෙහෙයුම දියත් කළ බවත් නාවික හමුදාව කීය.
මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49 ක් වන මාතර ප්‍රදේශයේ පදිංචිකරුවක් බවත් සැකකරු සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නිතීමය කටයුතු සඳහා කොළඹ වේල්ලවීදිය පොලීසියට භාරදුන් බව ද නාවික හමුදාව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd