
( හිරාන් ප්‍රිකයංකර ජයසිංහ සහ ජයරත්න වික්‍රමආරච්චි)
කරුවලගස්වැව මුරියාකුලම ප්‍රදේශයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දෙදරු පියකු අනවසර විදුලි අලි වැටක ගැටි මරණයට පත්ව සිටියදි අද ( 21) සොයා ගත් බව කරුවලගස්වැව පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව සිටියේ මුරියාකුලම පදිංචි දෙදරු පියකු වු 36 හැවිරිදි උපුල් නුවන් කුමාර නැමති අයකු බව කියයි.
මෙම පුද්ගලයා විවිධ රැකියාවන් වල නිරත වන බවත් ඒ සමගම වි අලෙවි කිරිමේ තැරුව්කරුවකු ලෙසද කටයුතු කරන බවද කියයි.
දෙදරු පියා කරුවලගස්වැව කොන්වැවට යතුරු පැදියකින් ගොස් ආපසු එමින් සිටියදී අනවසර නීති විරෝධි විදුලි අලි වැටේ ගැටි එම ස්ථානයේදිම මරණයට පත්ව සිටියදී ප්‍රදේශවාසින් දැක පොලිසිය දැනුවත් කිරීමේන් පසුව පුත්තලම මුලික රෝහලට ඇතුලත් කල බව කියයි.
ඒසේම මරණයට පත්වු පුද්ගලයා සන්තකයේ තිබි රුපියල් ලක්ෂයකට අධික මුදලක් සොයා ගත් බව පොලිසිය පවසයි.







COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.