
(යොහාන් භාසුර)
මෙම වසරේ (2024) දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (18) පැවසීය.
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජනතාවගේ ලිඛිත අදහස් ලබන ජූලි මස 8 වැනිදා දක්වා භාරගන්නා බවත් වාචික අදහස් විමසීම ජූලි මස 9 වැනිදා පැවැත්වෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
මෙම ගාස්තු සංශෝධනයේදී විදුලි ගාස්තු අඩු කිරීමට නියමිත අතර ඒ අනුව එම අඩුවන ප්‍රතිශත ජූලි මස 15 වැනිදා ප්‍රසිද්ධ කරනු ඇත.
COMMENTS
කාංචනා කිව්වෙ නම් ජූලි මුල් සතියේ සිට අඩුකරන්න කටයුතු කරනවා කියලා තමයි. ඒත් දැන් පේන විදියට නම් ඔක්තෝම්බර් 17 දිනෙන් පස්සෙ කරාවි කියලා හිතෙනවා .එතෙක් ඉවසීමෙන් කටයුතු කරමුකෝ
අපරාදේ මොවුන්ට පඩි යාන වාහන හා වෙනත් දීමනා දීලා මහජන මුදලින් නඩත්තු කරන්නේ, ඒ සල්ලී වලින් බලු කපුටු දානයක් දූන්නා නම් ඊට වැඩිය හොඳයි. ලැජ්ජා නැති නිසා එල්ලිලා ඉන්නවා, රටට සත පහක ඵල ප්‍රයෝජනයක් නැහැ.
අනේ ඕනෑම නැහැ ඔහොමම තියන්න. ඔක්තෝබර් වලින් පස්සෙ අපි කරගන්නම්
ඇයි ජූලි මාසේ ?චන්දෙ තියන්නේ ඔක්තෝම්බර් මාසෙලු නේද .සැප්තැම්බර් මාසේ වගේ විතර කිව්වහම මදිද ?
වැඩි කරන්නට යනකොට ඇයි මෙවැනි කාලයක් ගන්නේ නැත්තේ...?
ජනතාව ගොනාට අන්දන මොවුන් ඡන්දයෙන් පාඩමක් ඉගෙන ගනිවි.