
(අංජුල මහික වීරරත්න)
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ ලංකා මානව හිමිකම් (ලංකා) සංවිධානයේ සර්ව ආගමින නායකයන් අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී අද(22) සිදුවිය.
එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හසීම් මහතා කීවෙි අධිකරණ අමාත්‍යවරයා දිවයින පුරා කරන සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් සංවිධානයක් ලෙස මහත් සේ සතුටට පත්වන බවයි.
මෙහිදී අමාත්‍යවරයා සඳහන් කලේ දිවයින පුරා පිහිටි සියළුම ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි සංහිඳියා කමිටු පිහිටුවා ඒ හරහා ජාතීන් අතර සහ ආගම් අතර සමගිය ඇතිකිරීමට මේ වන විටත් කටයුතු කර අවසන් බවයි. මානව හිමිකම් ලංකා සංවිධානය වැනි සංවිධාන වලට ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩසටහන් වලට සෘජුව සහය දීමට හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට මානව හිමිකම් ලංකා සංවිධානයේ අනුශාසක මතුරට ධම්මාලංකාර හිමි ද එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හසීම්, අනුශාසක මව්ලවි අබ්දු රහීම් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
COMMENTS
ඇයි මොකද අර සල්ගාදු නැත්තේ? අර ජපානෙදි කොල්ලෙක් ඵක්ක කාමරේ ඇතුලේ දොර වහගෙන හිටියේ මතක නැද්ද අනේ ඔය තරමටම? ඵහෙම් ඔන්න මමම කියන්නම්කෝ... ඵයා තමයි විජේදාසගේ කීමට නඩුදාලා රන්ජන් රාමනායකව හිරේ යැව්වේ... හොඳ නැහැ නේද පරණ සගයින්ව අමතක කරන එක?
ඩීල්දාසයා ගැන නම් අපිට කිසිම විස්වාසයක් නැහැ...
මේ සට කපටියාව ජනාධිපති කරන්න තරම් පිස්සුවක් රටේ මිනිස්සුන්ට නැහැ. ඔය සර්ව ආගමිකයෝ කියලා මෙතැන ඉන්නේ සල්ලි කීයකට හරි මෙතැනට ආපු අය...
සංහිඳියාව මේ රටේ ජනතාව අතර තියනවා. දේශපාලුවන් තමයි මේ රටේ ජාතීන් අතර භේදය ඇති කරන්නේ...!
මේක ජාතිවාදීන් ජාතික සමඟිය, සංහිඳියාව සහ එකම රටක්, එකම නීතියක් කථා කරන අරුම පුදුම රටක්...
ප්‍රතිපත්තියක් නැති දේශපාලනය එහාට මෙහා පැන පැන හැමදාම ජනතාව මුලා කළා.
මේ දවස් ටිකේම ඩීල් විතරයි වගේ....
මේ මොහුගේ අවසාන මැතිවරණයද?
සර්ව ආගමික කියලා කිව්වාට, කතෝලික සභාවේ කවුරුවත් මෙතැන නැහැ... ක්‍රිස්තියානි පාස්ටර් වරයෙක් නම් ඉන්නවා.... කොහොම වුණත්, මේ ඔක්කෝම දේශපාලකයින්ගෙන් යැපෙන බඩ ගෝස්තරවාදියෝ තමයි. හොර දේශපාලුවන්ට ආවඩන තක්කඩි පූජකයින්ට මඩු වලිගෙන් තලන්න ඕනෑ. මම නම්, මොවුන්ට ගහන්නේ කොස්සෙන් හෝ ඉලපතෙනුයි..
මේ රටේ ජනතාව අතර සංහිදියාව පිළිබඳව කිසිම ගැටළුවක් තිබුනේ නෑ. මම බෞද්ධ පාසලක සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබුවේ. මගේ සහෝදර සහෝදරියන් වගේම ඔවුන්ගේ දරවන් පවා සිංහල මාධ්‍යයෙන් තමා අධ්‍යාපනය ලැබුවේ හා ලබමින් සිටින්නේ. වසර 12- 13 ක් සිංහල බෞද්ධ යහළුවන් සමගය් අපේ ළමා කාලය ගෙවුනේ. මම 6වන ශ්‍රේණිය දක්වාම බුද්ධ ධර්මය තමා ඉගෙන ගත්තේ අපිට එදත් අදත් කිසිවෙකු සමඟ කිසිම ගැටළුවක් හෝ වැරදි අවබෝධයක් හෝ නොමැත. අදටත් මගේ බාල දුවගේ පන්තියේ හොඳම යෙහෙළිය සිංහල බෞද්ධ සිසුවියක්. ඒ වගේම ලංකාවේ සෙසු සිංහල -දමිළ - මුස්ලිම් ජාතීන් අතර ඉතාමත් හොඳ අවබෝධයක් තිබෙනවා. එකිනෙකා අතර වෛරය හෝ ක්‍රෝධයක් නෑ. මේ රටේ ජාතීන් අතර පෞද්ගලික හේතුන් මත කිසිම දිනක ආගම්වාදී හෝ ජාතිවාදී ගැටුම් ඇතිවුනේ නෑ. ඉතාමත් වගකීමෙන් අපිට කියන්න පුළුවන්.