
(දයාරත්න ඇඹෝගම)
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට ගෙන එන ලද කෙසෙල් කිලෝ විසිපන්දහසකට අධික ප්‍රමාණයක් විනාශ කිරිමට සිදුවු බව තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා අද (16) පැවසිය.
මෙම කෙසෙල් තොගය එප්පාවල, කටියාව, ගල්නෑව, බුල්නෑව හා නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි ගොවියන් විසින් වෙසක් පොහෝ දිනට පෙර දින අළෙවි කිරිම සදහා තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන විත් තිබුණි.
වෙළෙන්දන්ගේ නොපැමිණිම නිසා මෙම තත්තවය ඇති වූ බව ආර්ථික මධ්‍යස්ථානයේ සභාපතිවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා මෙසේද පැවසිය.
‘කෙසෙල් ඇතුළු පළතුරු මිලදි ගැනිම සදහා නුවර, ගම්පහ, කොළඹ වැනි දුර ප්‍රදේශවලින් තමයි වෙළදුන් එන්නේ. එහෙත් ඔවුන් රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් තඹුත්තේගම වැනි දුර පළාත්වලට පැමිණෙන්නේ නැහැ. ඔවුන්ගේ ලොරි රථ ඩීසල් ලබාගන්න විදියක් නැති බවයි ඔවුන් කියන්නේ’.
‘මේ හේතුව නිසා ගොවියන් විසින් ලොරි රථ හත අටකින් ගෙන ආ කෙසෙල් කිලෝ විසිපන් දහසකට අධික ප්‍රමාණයක් අලෙවි කර ගැනිමට නොහැකි වුණා’. එම කෙසෙල් තොගයෙන් කොටසක් පුද්ගලයන් පිරිසක් වන අලීන්ට ලබාදිමට රැගෙන ගියා . ඉතිරිවු කෙසෙල් කුණු ගොඩට දැම්මා ‘ යැයි ද සෙනෙවිරත්න මහතා මෙහිදි පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd