IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


බදුල්ල - මහනුවර ආපදාවලින් 24ක් මරුට:තවත් පිරිසක් අතුරුදන්

(ඇල්ල ප්‍රසාද් රුක්මල්)

බදුල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල සිදු වූ නාය යාම් හේතුවෙන් 24 දෙනකුට අධික පිරිසක් මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකණ මධ්‍යස්ථානය කියයි.

බදුල්ල බලපා ඇති ධාරානිපාත වර්ෂාව නිසා පස්කදු ගල්පර්වත නිවාස කඩාවැටීමෙන් සහ නායයාමෙන් සිදුවු ආපදාවන් වලින් අද උදෑසන බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 19ක් මියගොස් ඇත.

තවත් 13 දෙනකු විවිධ ආපදා වලින් තුවාල ලබා රෝහල්ගත කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.

දිස්ත්‍රික්කයේ සිදුවු නායයාම් වලින් සිව්දෙනකු අතුරුදහන් වී නිවාස හයකට අර්ධ හානිවී, නිවාස 170කට පුර්නහානි සිදුව පවුල් 986ක සාමාජිකයන් 3089ක් විපතට පත්ව ඇතයි හෙතෙම කීය.

ආපදාවන් වලින් විපතට පත් වූ පිරිස් දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 32ක පිහිටුවා ඇති සුරක්ෂිත මධ්‍යස්ථාන වල තාවකාලිකව ආරක්ෂිත නතර කර ඔවුනට අවශ්‍ය පිසූ ආහාර ඇතුලු සනිපාරක්ශක පහසුකම් ලබා දෙන බවද බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා සදහන් කළේය.

උඩදුම්බර  ගංගොඩ පෙදෙසේ කන්දක් නාය යාමෙන්  පිරිසක් අතුරුදන්ව ඇති අතර පස් දෙනකුගේ සිරුරු හමු වූ බව  සහකාර පොලිස් අධිකාරී ජයන්ත සමරකෝන් මහතා කීය.

නාය ගිය ප්‍රදේශයට ලඟා වීමටද අසීරූ වී තිබෙන අතර ගුවන් හමුදාව යුද හමුදාව ,පොලීසිය සහ සහන කණ්ඩායම් අතුරුදහන් වූ පිරිස් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව සහකාර පොලිස් අධිකාරී ජයන්ත සමරකෝන් මහතා වැඩි දුරටත් කීය.

පවතින නාය යෑම් තත්ත්වය නිසා නුවර මහියංගන ප්‍රධාන මහා මාර්ගය මැද මහනුවර නගරයෙන් වසා දැමීමට පොලීසිය පියවර ගෙන තිබේ.

නායයාමට ලක්ව තිබෙන උඩදුම්බර පොලිස් වසමේ ගංගොඩ ගම්මානයට යාමට නොහැකි ලෙස විශාල කඳු නායගොස්මාර්ගය අවහිරවී තිබෙන බව පොලීසිය පවසයි.

දැනට මෙම නාය යෑමෙන් උඩදුම්බර ගංගොඩ අතුරුදහන් වී ඇති සංඛ්‍යාව 20 ක් පමණ විය හැකි  බව ප්‍රදේශවාසීන් පවසති.

--------------------------------------------

වැසි අපදාවලින් බදුල්ලේ 16ක් මරුට

( පාලිත නානායක්කාර සහ ප්‍රසාද් රුක්මල්)

අයහපත් කාලගුණ තත්ත්වය සමග අද( 27) උදෑසන වන විට   බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන හයක සිදුවූ නායාම්වලින් මේ වන විට 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.එම් එල් උදය කුමාර  මහතා පැවසීය.

තවත්  දහදෙනෙකු පමණ අතුරුදන් වී ඇති බවට තොරතුරු වාර්තා වන බව ද ඒ මහතා පැවසීය. අ වදානම් ස්ථානවලින් ඉවත් වී තම ජීවිත ආරක්ෂා කර ගන්නා ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහජනතාවට දැනුම් දී තිබේ. 

අතුරුදන් වූවන් සොයා සහන කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් පුළුල් ලෙස දියත් කරමින් සිටි.

 



අදහස් (0)

බදුල්ල - මහනුවර ආපදාවලින් 24ක් මරුට:තවත් පිරිසක් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 162 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 234 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1103 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site