IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වැස්සෙන් දිස්ත්‍රික්ක 11කට බලපෑම්

(නිමල කොඩිතුවක්කු)

ආපදා තත්වය දිස්ත්‍රික්ක 11කට බලපා ඇතැයි ආපදා කළමනාකරණ  මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව දිස්ත්‍රික්ක 11ක පවුල් 5738කට අයත් පුද්ගළයින් 16930ක්  පීඩාවට පත්ව ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පවුල් 71කට අයත් 239ක් ආරක්ෂිත ස්ථාන 8 ක රඳවා ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ  හේතුවෙන් නිවාස 98කට අර්ධ හානි සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් අම්පාර දිස්ත්‍රික්කයට බලපා ඇති අතර එහි පවුල් 4774ක පවුල් 13872ක් පීඩාවට පත්ව සිටිති.

අනුරාධපුර, පොලොන්නරුව, කිලිනොච්චිය, යාපනය, වව්නියාව, මන්නාරම, මඩකලපුව, ත්‍රිකුණාමලය, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලට ද ඉන් බලපෑම් එල්ල වී ඇති බවත් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි.

අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං සහ ගංවතුර ඇතුළු තත්වයන් හේතුවෙන් මෙම බලපෑම් එල්ල වී ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.



අදහස් (0)

වැස්සෙන් දිස්ත්‍රික්ක 11කට බලපෑම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site