
(සුජිත් හේවාජුලිගේ)
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නිර්දේශය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (8) රැස්වීමට නියමිතය.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද සවස 2.00ට රැස්වෙයි.
වැඩබලන පොලිස්පතිවරයා දින 14කට වැඩි කාලයක් එම ධූරයේ කටයුතු කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාගත යුතුවේ.
පොලිස්පති දේශබන්දු දෙන්නකෝන් මහතාට පොලිස්පති ධූරයේ කටයුතු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැළැක්වීමෙන් පසු එම ධුරය පුරප්පාඩු විය. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත්කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 16
75
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට