
(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වැඩතහනම්ව සිට හෝ සේවය අතහැර ගොස් නැවත සක්‍රීය සේවයට එක්වීමට නියමිත පොලිස් නිලධාරීන් පොලිස් රෝහලේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
කිසියම් නිලධාරියෙක් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට වෛද්‍ය වාර්තවෙන් අනාවරණය වුව හොත් එම නිලධාරියා නැවත සේවයේ පිහිටුවීමට කටයුතු නොකරන බව ද වැඩබලන පොලිස්පතිවරයා දැනුම්දී ඇත.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ යටතේ පොලිස් සේවයේ සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ නිලධාරීන් පිළිබද සිදුකරනු ලබන විමර්ශනවලට අනුව වැඩතහනම්ව හෝ වෙනත් හේතු නිසා සේවයේ නොසිට නැවත සක්‍රීය සේවයට එක් කිරීමට පෙර එම නිලධාරීන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී ඇද්දැයි යන්න සොයාබැලීම සදහා මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇත.
එවැනි ආකාරයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පොලිස් නිලධාරීන් 17 දෙනකු පොලිස් සේවයෙන් පහ කර තිබූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ඉකුත් දා මාධ්‍ය හමුවකදී පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
174
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
371
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
381
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැඩ තහනම් වී නැවත සේවයට එන පොලිස් නිලධාරීන්ට පරීක්ෂණයක්
de silva berlin Tuesday, 18 February 2025 12:59 PM
සෑම් පොලිස් නිලධාරියෙක්ම මාස 6 කට වරක්වත් රැන්ඩම් ක්‍රමයට පුරවා දෙනුම් දීමකින් තොරව , මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට යොමු කරන්න...