IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


වෙළඳ නෞකාවල ආරක්ෂකයින් 107ක් ගාල්ලේ හෝටල් තුනක

(ජේ.කේ.එල් චාමින්ද)
 

 ජාත්‍යන්තර වෙළඳ නෞකාවලට ආරක්ෂාව සපයන ආරක්ෂකයින් හා ඔවුන් සමග ගනුදෙනු කළ පුද්ගලයින් 107 දෙනෙකු ගාල්ල ප්‍රදේශයේ නවාතැන් පොළවල් තුනක   නතරකොට ඇති බැව් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
 
 මෙම පුද්ගලයින්ට හමුවිම සදහා කිසිවෙකුටවත් ඉඩ නොදෙන බව පවසන නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා  විදේශිකයින් 73 දෙනෙකු හා   ශ්‍රිලංකිකයින් 34 දෙනෙකු මෙකි නවාතැන්පොළවල් සිටින බවද  හෙතෙම සදහන් කළේය.
 
මේ පිළිබද අදහස් දක්වමින් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද කිවේය.
 
'නෞකාවලට ආරක්ෂාව සපයමින් එන මෙම ආරක්ෂකයින් වරායේ දි වෛද්‍යවරයකු විසින් පරීක්ෂා කරෙනවා.  වෛද්‍යවරයාගේ නිර්දේශය මත තමයි නිරෝධායනය සදහා යොමුකරන්නේ. දැනට මේ අය  පුද්ගලික නැව් නියෝජිත ආයතන මගින් හොටල් 03ක නතරකරගෙන සිටිනවා.ඒ අය හමුවන්න කිසිවෙකුටවත්  ඉඩ දෙන්නේ නැහැ.  අද දින මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මේ අය පරීක්ෂා කරනවා.  මෙරට අය නිවෙස්වලට  යවන්නේ නැත්තේ ආපසු දින තුන හතරකින්  ඇතමුන් නෞකාවල සේවයට යනවා. මේ අය ස්වංය නිරෝධනයට ලක්කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියා කියලා තියෙනවා.
 
නමුත් දැනට පවතින තත්වය තුල මේ අය නිවෙස්වලට ගොස් ආපසු එනවා කියන්නේ. අවදානමක්.  මේ හොටල්වලට පිටස්තර අයට පැමිණෙන්න දෙන්නේ නැහැ මේ වෛසරය පැතිරිම වැලැක්විම තමයි අපේ අරමුණ. නැව්වල  නැගලා යන ආරක්ෂකයින් නැව්වල යනවා. එහෙම නැතිව මෙතනින් එහාට රාජකාරි නොකරණ පිරිසක් හා නිවෙස්වල යන පිරිසක් ඉන්නවානම් ඒ අය අද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරික්ෂා කොට ස්වයං නිරෝධායනයට යොමුකරාවි. විදේශිකයින් එම හෝටල්වල සිටිනවා' යැයිද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.



අදහස් (0)

වෙළඳ නෞකාවල ආරක්ෂකයින් 107ක් ගාල්ලේ හෝටල් තුනක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31379 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13622 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11019 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 132 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1036 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site