
(යොහාන් භාසුර)
සංචාරකයින් 4000 කට අධික පිරිසක් රැගත් සුඛෝපභෝගී මගී නෞකා තුනක් කොළඹ වරායට අද (10) සේන්දු වූ බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පැවසීය.
යුරෝපා රටවල සිට යාත්‍රා කළ වස්කෝ ද ගාමා, ෂිෆ්-05 සහ සෙවන් සීස් යන මගී නෞකාවලින් එම සංචාරකයන් පැමිණි බව එම අමාත්‍යංශය සඳහන් කළේය.
යුරෝපය ඇතුළු ලෝකයේ බොහෝ කලාපවල ශීත සෘතුව ආරම්භ වීමත් සමගම කොළඹ වරායට මගී නෞකාවන් පැමිණෙන බවත් එළඹෙන සංචාරක සමයත් සමග සුඛෝපභෝගී නෞකාවලින් විදෙස් සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණිමේ වැඩි ප්‍රවනතාව ඇති බවත් එම අමාත්‍යංශය කීය.
මගී නෞකාවලින් පැමිණෙන සංචාරකයන්ගේ වරාය පහසුකම් තව දුරටත් පුළුල් කරන බව කොළඹ වරායේ මගී නෞකා පර්යන්තය නිරීක්ෂණය කිරීමෙන් සහ විදේශ සංචාරකයන් පිළිගැනීමෙන් පසු වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd