(ඩයනා උදයංගනී)
දිවයිනේ ප්‍රදේශ රැසකට දින කිහිපයක් තිස්සේ බලපෑ මහ වැසි, තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක පවුල් 5,212කට අයත්, 21,888 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා තත්වය හේතුවෙන් මරණ 4 ක්ද වාර්තා වී ඇත.
මේ අතරින් අවතැන් වූ පවුල් 64කට අයත් 264 දෙනකු ආරක්ෂිත ස්ථාන 4ක රඳවා සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි. හම්බන්තොට, ගාල්ල, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, ගම්පහ, කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවල ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටිති.
මෙම ආපදා තත්වයෙන් නිවාස 117කට අර්ධ හානි සිදුව, තවත් නිවාස 2ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
මින් වැඩිම පීඩාවක් සිදුව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 4,608කට අයත් 19,585 දෙනකු පීඩාවට පත්ව ඇතැයි කොඩිප්පිලි මහතා කීවේය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
වැස්සෙන් හතරක් මරුට 21 දහසක් අවතැන්
බද්රානි Saturday, 15 October 2022 01:12 PM
දැන් ඉතින් අනුන්ගේ සල්ලිවලින් පින් රැස්කර ගන්න උත්සාහ කරන ගංවතුර ආධාර කාරයින් වැහි වහියි. සමහරුන්ගේ අලුත්ම රැකියාවත් ඒක වෙන්න පුළුවන්. මම නම් එක රුපියලක්වත් දෙන්නේ නැහැ එක හිඟන්නෙකුටවත්. අපි රජයට බදු ගෙවනවා... රජය බලාගන්න ඕනෑ ඉතුරු වැඩ ටික. අපෙන් පිනට කාපු අය කරලා තියන හරිය දැන් ඇස් දෙකටම පේනවනේ අපට... ඒ ගොනා විකුණලා ගොඩක් කල් මම නම්....!