IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


වාස්ට බන්ධනාගාර නිලධාරින් පහර දුන්නැයි පැමිණිල්ලක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් ජිවිතාන්තය දක්වා සිරදඬුවම් විදින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට බන්ධනාගාර නිලධාරීන් පහරදුන් බව ලිඛිත පැමිණිල්ලක් කර ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාට කළ ලිපිය හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ වන ශාමලී ප්‍රියදර්ශනී පෙරේරා මහත්මිය විසින් විවිධ පැමිණිලි අංශය වෙත ඉදිරිපත් කර ඇතැයි පොලිස් නිලධාරියකු පැවසීය.

බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු විසින් එම පහරදීම සිදුකළ බවත් ඒ හේතුවෙන් දින තුනක කාලයක් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලැබූ බව එම ලිපියේ සඳහන් වේ.

එම ලිඛිත පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශන ආරම්භ කළ බවත් බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ජිවිතාන්තය  දක්වා සිරදඬුවම් විදින රැඳවියන් කිහිප දෙනෙකුගෙන් මෙන්ම ජිවිතාන්තය දක්වා සිරදඬුවම් විදින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ පුතාගෙන් ද ප්‍රකාශ ලබාගත් බව පොලිස් නිලධාරීයකු පැවසීය.

 



අදහස් (17)

වාස්ට බන්ධනාගාර නිලධාරින් පහර දුන්නැයි පැමිණිල්ලක්

විජිත් Wednesday, 29 January 2020 06:16 PM

"රන් අම්මණ්ඩිගේ කොටි රත්තරන් හොරකම " හොරුත් එක්කම අල්ලාගත්තේ මෙයයි. කලක් පොලිසියේ හිටපු දීප්තිමත්ම නිලධාරියෙක්.නමුත් ඔහුත් අවසානයේදී වංචා,දුෂණ,මිනි මැරුම් කිරීම‍ට පෙළඹුණා. දැන් හොරුන්ගේ කාලයයි..

:       59       425

Chathuri Wednesday, 29 January 2020 07:01 PM

කාගේ වුවමනාවටද මේ දේ කෙරුවේ කියලා හොයලා බලන්න. සිල්රෙදි පොරොවාගත් කට්ටියගේ... වුවමනාවට වූ දෙයක් වෙන්න ඇති ආණ්ඩුව වෙනස් වූ දවසක ඇත්ත එළිවෙයි. හිරකූඩුවේ ඉන්න මිනිහාට ගහන්නේ මෝඩයෙක් මිසක් චණ්ඩියෙක් නෙමේ. අත්අඩංගුවට අරන් ජීවිත කාලයම දඬුවම් දුන්නා දැන් මොකටද මේ සෙල්ලම් දමන්නේ...? රජකම් කෙරුවත් මේ ජීවිතේ දඬුවම් ලැබුනේ නැතිනම්. මරණින් පසු අපායට දඬුවම් විඳ මැරුණාම හොඳ ආත්මයක් ලබයි... කට්ටිය හිතන් ඉන්නේ ඕන පවක් මල් වට්ටියක් දීලා පිරිකරක් දුන්නම ඉවරයි කියලා..

:       27       273

janahitha Wednesday, 29 January 2020 08:17 PM

මිනීමරුවකුගේ නියම තත්වය දැනගන්නේ ඔහුගෙන් තමාද මැරුම් කන දවසක පමණි.

:       0       35

SamanWednesday, 29 January 2020 08:48 PM

අනුන්ට බණ කියන චතුරිට ද්වේශය වැඩිවෙලා මෝහය තදවෙලා. මතක නැද්ද වාස්ව අල්ලපු නඩුවේ මුලින්ම ඉන්නේ ශානි අබේසේකර බවත් වාස් ඔහුට මරණ තර්ජනයක් කරපු බව ශානි ඒ නඩුවේදී කියපු එකත්... දැන් ආයිමත් ශානිට මරණ තර්ජනයක්... අනික වාස්ගේ මරණ දඬුවම නියම කරේ යහපාලනය කාලේ. ඒ මදිවට වාස්ගේ බිරිඳ සහ පුතා තව කොල්ලෙක්ව බාගෙට මැරුවා කියලා නඩුවකුත් තිබුණා. වාස්ගේ බිරිඳට විරුද්ධව ඇයගේ අයියා වන හිටපු මන්ත්‍රී ඩික්සන් පෙරේරාත් පැමිණිලි කරපු බව පහුගිය කාලේ පත්තරවල ගියා... හැම රෙද්දටම සිල් රෙද්ද ගාවන්න කලින් ද්වේශය සහ මෝහය අඩුකරගෙන මොලේ පාවිච්චි කරන්න...

:       49       49

ChathuriThursday, 30 January 2020 04:02 AM

වාස් කරපු වැරදි වැඩේට ආණ්ඩුවෙන් වැඩක් නැහැ. අධිකරණයෙන් දඬුවම් දීලා තියෙන්නේ ජීවිතේ කාලයටම.. ඉතින් අනිත් අයට අවශ්‍ය නැහැ හිරේ ඉන්න මනුස්සයාට ගහන්න. ප්‍රභූලට වගේ සැප නැහැ. වැරදි කරන්නේ මිනිසා මිසක් දෙවියන් නෙමේ... ඔයාගේ කතාව ඔය වැරදි වැඩ කරන්නේ නැහැ වගේ බෝධිසත්වයින් අතිනුත් පව් සිද්ද වෙනවා. එදාට ඔයත් හිරේ ගියොත් ඔයාට ගහපු දවසට මම අහන්නම් ඔබට සතුටුයිද දැන් කියලා. ඔයාට වරදක් කරලා නැහැනේ වාස් අනුකම්පා කරන්න... ඒකයි මනුස්සකම...

:       27       26

ruvaniThursday, 30 January 2020 06:09 AM

චතුරිම කියනවා 'වාස් කරපු වැරදි වැඩේට ආණ්ඩුවෙන් වැඩක් නැහැ.' කියලා, හැබැයි ඔයාමයි නේද මේ කතාව පටන්ගත්තේ සිල් රෙදි කතාවක් අරන්... ඒ ආණ්ඩුවක වැඩ නෙවෙයිද? (හොඳ හෝ නරක හෝ). චතුරි චතුර වෙලා උත්තර දෙනකොට තමන්ගේ දේ විතරයි හරි, කියන දේ කතාවට අදාළද, නැද්ද බලන්නේ නැහැ. වාස්ට ගහපු එක (එහෙම වෙලානම්) අපි කවුරුත් අමතක කරන්නේ නැහැ. හැබැයි චතුරි ඒකට එක කොටසකට දැක්කා වගේ ඇඟිල්ල දික්කරපු නිසා තමයි අනික් සිදුවීම් මතක්කරන්න ඇත්තේ. නමුත් කවුරුත් තව කෙනෙකුට හිංසා කරන එක වැරදියි.

:       0       8

නන්නාදුනන හාදයා Thursday, 30 January 2020 08:49 AM

වැරදියි. වාස්ව කූඩුවට දැම්මේ මහින්දගේ කාලේ... ඔහු මහින්ද කියපු විදිහට වැඩ කළා නම් අදත් එළියේ. එහෙනම් මේ මිනීමැරුම් නඩුවත් තවමත් අභිරහසක්... නමුත් " රන් අම්මාගේ " රත්තරන් කේස් එක තමයි වාස්ට නරකට හිටියේ. හංගගෙන හිටපු මිනීමැරුම් කේස් එක ඇදලාගත්තා... වාස් සහ පුතා කූඩුවේ..

:       53       2

මුණසිංහThursday, 30 January 2020 02:06 AM

විශේෂයෙන්ම පොලිස් නිලධාරින් වැඩකළ යුත්තේ කාගේවත් වුවමනාවට නොව රටේ මහජනතාවගේ අවශ්‍යතාව අනුව නීතියට අනුවයි. සෑම ආයතනයකම වැඩකරන සේවකයින් තුළ එම හැඟීම, ආකල්ප තිබිය යුතුයි. එවැනි අයට කවදාවත් වරදින්නේ නැහැ. බියගුලුකමට, වාසි බලාගෙන වැඩ කරන අයට වැරදුණා මිස හරි ගියේ නැහැ...

:       29       42

athuraThursday, 30 January 2020 03:44 AM

හරි ගිය අයත් ඉන්නවා... මුණසිංහ ඕනෑ නම් නාරාහේන්පිට හිටපු ඕඅයිසි ගැන හොයලා බලන්න.

:       54       40

මුණසිංහThursday, 30 January 2020 06:18 AM

මේ ඩිස්ලයික් දාපු අය කියන්නේ. අවංක වෙන්න ඕන නැහැ, දේශපාලකයන්ගේ පදයට නටන්න හැකි තරම් දුෂිතයින් වෙන එක හොදයි කියලද? මම කිවුවේ විය යුතු දේ.

:       59       81

සමන්ත Wednesday, 29 January 2020 08:29 PM

මෙයා හිටපු දක්‍ෂ නිලධාරියෙක්. අන්‍තිමට ලද පිනට පයින් ගසා වැඩකට නැති වැඩ කරන්න පෙලඹුනා. ඒත් මේ ලෙස සිරකරුවන්ට පහර දීම රටේත්, ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් නීතිරීති බරපතල ලෙසම උල්ලංඝනය කිරීමක්. මෙම නිලධාරීන් රටේ අපරාධ නීතිය අත් අඩංගුවට ගෙන දඬුවම් පැමිනවිය යුතුයි. වහාම සේවය අත් හිටුවා රාජ්‍ය සේවයෙන් පන්නා දමනු. වාස් ගුණවර්ධනද දැන්වත් ධාර්මිකව ජීවත් වීමට හිත හදාගත යුතුය​.

:       0       13

Chathuri Wednesday, 29 January 2020 11:02 PM

වැඩියෙන්ම බණ අහන, පිරිත් අහන, මස් මාළු නොකන, මාසෙට දවසක් සිල් ගන්න එකම රට... නමුත් අපේ රටේ කිසිම දෙවි කෙනෙක් නැහැ.. ඉස්සර කාලේ දෙවිවරු හිටියා. ඒ සේරමලා රහත් වුණා. ඇත්තටම දෙවියෝ ඉන්නවනම් මේ හිට්ල්ර්ලට එකතැන කුණු වෙන්න දෙන්න ඕන... මිනිස්සු රවටන එකටයි, දෙවියන් රවටන එකටයි.

:       1       71

Mahesh Thursday, 30 January 2020 01:49 AM

මේවාටත් දියුණු රටවල වගේ කැමරා යොදවන්න ඕනෑ. හිටපු පොලිසියේ කෙනාට මෙහෙම ගැහුවා නම් සාමාන්‍ය මිනිස්සුන්ට සලකන විදිය හිතාගන්න පුලුවන් නේද?

:       11       51

eresh S kumara Thursday, 30 January 2020 03:47 AM

මොනවා වුණත් මේ මනුස්සයා එළියේ ඉන්න ඕනෑ. පුතාගේ වැරැද්දට තාත්තාව ඇතුළට දාපු එක වැරදියි.

:       63       4

Mahee Thursday, 30 January 2020 03:52 AM

සිරකරුවන් පමණක් නොව සියලුම රජයේ සේවකයින්ද මනුෂ්‍යයින්ය. ඔවුන් හැසිරෙන්නේ මනුෂ්‍යන් මෙනි. බොහෝවිට අමනුෂ්‍යයන් මෙනි. නීති රීති සහ සම්මතයන් තිබෙන්නේ මිනිසුන්ගේ ඒ දඩබ්බර තිරිසන් හැසිරීම් පාලනය කිරීමටයි. නමුත් හයිය ඇති එකාට ඒ නීති රීති හා සම්මතයන් නැවිය හැකිය. තම පුතාගේ පුද්ගලික වුවමනාවන් ඉටුකිරීම සඳහා එසේ නීතිරීති සහ සම්මතයන් නැවූ වාස් පවුලේ සියලු දෙනාම දැන් දඬුවම් විඳිති. එය විය යුතු දෙයයි. නමුත් ඊටත් වඩා නීතිය නැවීමට හයිය ඇති අය දඬුවම් විඳින්නේ කලාතුරකිනි. ගත යුතු පාඩම නම් "නීතිය නවනවා නම් ආපහු දිග නොහැරෙන ලෙසටම නැවිය යුතුයි..."

:       1       6

sharm warn Thursday, 30 January 2020 05:05 AM

කට්ටිය අඩන හැටි දැක්කම හදිස්සියේ එල්ලුම් ගහ නියම වුනොත් මොකෙන් මොකක් වෙයිද කියලත් හිතෙනවා. අපි අස්වැන්න නෙළා ගන්නේ අපි වපුරපු දේවල් වලින්. අපිට තියෙන්නේ අනුන්ගේ ජීවිත දිහා බලල පාඩම් ඉගෙන ගන්න.

:       39       3

chinthana Thursday, 30 January 2020 07:41 AM

ත්‍රිවිධ හමුදා, බන්ධනාගාර වැනි සන්නද්ධ අංශ කොහොමත් පොලීසිය සමග එදිරිවාදිකමක් තියනවා. විටින් විට හමුදා පොලිස් ගැ‍ටුම් ඇතිවන අවස්ථා පහුගිය කාල වාර්තා වුණා. පොලිස්කාරයෙක් හිරේ ගියවිට හිරකාරයෝ ගහනවා. සමහරවිට වාස් ජේලර්ලට ඩී.අයි.ජී පාට් දාන්න යන්න ඇති. එළියේ මොන ලොක්කා වුනත් හිරේදි නිකම්ම නිකම් නොම්බරයක් විතරයි කියනවනේ.

:       0       69

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31675 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14138 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11118 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1119 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 308 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site