IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


වසංගතයෙන් දරුවන් රැක ගන්න කොවිඩ් මර්දන එන්නත ලබා දෙන්න

ළමා රෝග පිළිබඳ විශේෂඥ විද්‍යාත්මක සංසදයේ සභාපති, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය ශාමන් රජින්ද්‍රජිත්

මුලින්ම එන්නත නිදන්ගත රෝග ඇති දරුවන්ටයි....

ලෝකයේ අනෙකුත් රටවල් සේම අපේ රටේද කොවිඩ්  -19 මර්දනය උදෙසා ප්‍රතිශක්තිකරණ එන්නත් කිහිපයක්ම යොදා ගැණින. මුලින්ම වයස්ගත පුද්ගලයන්ටත්, දෙවනුව තරුණ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් එන්නත ලබා දුන් අතර පසුගියදා සිට ළමයින් සඳහා විශේෂ එන්නත්කරණ වැඩපිළිවෙළක් ඇරැඹිණි. එනම් සංජනනීය දරුවන් සඳහා සැකසුණු එන්නත්කරණය ප්‍රථමයෙන්ම කොළඹ ළමා රෝහලේදී  පසුගියදායින්   ආරම්භ වූ  අතර එය මේ වනවිට බස්නාහිර පළාත් කේන්ද්‍ර කොට ගෙන පැවැත්වෙනු ඇත.

සාමාන්‍ය නිරෝගී දරුවකුට වඩා සංජනනීය දරුවකු කොවිඩ් -19 රෝගයට ගොදුරු වුවහොත් හට ගැනෙන රෝග සංකූලතා ඉහළ යාමෙන් මාරාන්තික තත්ත්වයට පවා පත් විය හැකියි. එම අවදානම අවම කර ගැනීමට දරුවන් අතුරින් ප්‍රථමයෙන්ම නිදන්ගත ආබාධවලින් පෙළෙන දරුවන් සඳහා එන්නත්කරණය දියත් කෙරිණ.

එන්නත ලබා ගත හැකි දරුවන් කවුරුන්ද?

උපතින්ම ප්‍රතිශක්තිය අඩු දරුවන්, ප්‍රතිකාර නිසා ප්‍රතිශක්තිය හීනවූ දරුවන් සඳහා එන්නත ලබා දේ.  ඒ අනුව දියවැඩියාව, ස්නායු රෝග, තැලසිමියාව, මුත්‍ර හා ආහාර මාර්ගයේ රෝග ඇතුළු නිදන්ගත රෝගවලින් පෙළෙන දරුවන් එන්නත්කරණය සඳහා නිර්දේශ වන අතර මොවුන්ද යම් වර්ගීකරණයකට ලක් කෙරේ.

තැලසිමියා රෝගයේදී වසරකට ලබා ගන්නා ලේ ප්‍රමාණය මත සුළු, අතරමැදි හා මහා තැලසිමියා යනුවෙන් වර්ග තුනකි. ඒ අතුරින් අතරමැදි හා මහා තැලසිමියා තත්ත්වයේ පසුවන රෝගී දරුවන්ට රුධිරය පාරවිලයනය කළ යුතු බැවින් එන්නත නිර්දේශ කෙරේ. සුළු තැලසිමියා රෝගීන්ට මෙන්ම තැලසිමියා වාහකයන්ටද එන්නත ලබා නොදේ.

ස්වසන රෝගී දරුවන් කාණ්ඩ කළ විට සාමාන්‍ය හතිය  ස්වාභාවය, ඉන්හේලර් භාවිත කරන්නන්ට එන්නත ලබා නොදේ. දිගු කාලීන මෙන්ම පාලනය කළ නොහැකි හතිය ඇති , මීට ප්‍රථමව හතිය නිසා දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ගත් රෝගීන් එන්නත සඳහා සුදුසුවේ. පෙනහලු රෝග, හෘද වස්තුවේ විවිධ රෝග, රූමැටික උණ, යම්තාක් දුරකට හෘදය වස්තුවේ ගැටලු ඇති දරුවන්ට, මේ වනවිට ඉන් බහුතරයක්ම හෘදය ආශ්‍රිත සැත්කම්වලට භාජන වී සිටියද නිශ්චිතව රෝගය තහවුරු නොකළ රෝගී දරුවන්ටද එන්නත ලබා දේ.

එමෙන්ම අක්මා සහ වකුගඩු බද්ධ කළ රෝගී දරුවන්, දිගුකාලීන අක්මා රෝගීන්, සිරෝසිස් රෝගාදියෙන් පෙළෙන ළමයින්ට එන්නත ලබා ගත හැකියි.

ඒවගේම මෙහිදී ස්නායු ගත රෝගීන් යනුවෙන් හඳුන්වා දී ඇත්තේ සාමාන්‍යයෙන් උණ සහ වලිප්පුව වැනි තත්ත්ව නොවේ. දිගුකාලීන වලිප්පුව, මස්තිෂ්ක ආඝාතය, යම් යම් රෝගී තත්ත්ව නිසා මොළය බිඳ වැටුණු දරුවන්, ඩවුන් සින්ඩ්‍රෝමා රෝගී දරුවන්, බුද්ධිභාවය අඩු ඉගෙන ගැනීමේ අපහසුතා ඇති දරුවන්, ඔටිසම් වැනි තත්ත්ව ඇති දරුවන්ද සංජනනීය එන්නත්කරණ වැඩසටහනට ඇතුළත් කොට ඇත.

එන්නත්කරණයට යොමු වන්නේ මෙහෙමයි..

නිදන්ගත රෝගවලින් පෙළෙන දරුවන් ප්‍රතිකාර ගන්නා සායනයේ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශය සහ මවුපිය කැමැත්ත මත එන්නත්කරණයට ලක් විය හැකිය. එන්නත ලබා දෙන සෑම දරුවකුම ළමා හා කායික රෝග විශේෂඥ අධීක්ෂණයට යොමු කෙරේ.

වෛද්‍ය විද්‍යාව කලු සුදු විෂයක් නොවන හෙයින් ඉහත සඳහන් රෝගවලට අමතරව වෙනත් රෝගී දරුවකු උදෙසා එන්නත සුදුසු බවට විශේෂඥ වෛද්‍යවරයකු නිර්දේශ කොට ඇත්නම් දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය, සෞඛ්‍ය වාර්තා පරීක්ෂා කොට එන්නත ලබා දේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණ එන්නත ලබා දිය යුතු බව වන අතර පළමු කාණ්ඩය යටතේ එය ලබා ගැනීමට හැකි සාධාරණ රෝගී තත්ත්වයක් ඇත්නම් එන්නත ලබා ගැනීම ගැටලුවක් නොවේ.

ඉදිරියේදී රටම ආවරණය වන පරිදි එන්නත ලබා දේ.....

එසේම දුෂ්කර පළාත්වල සිටින රෝගී දරුවන් එන්නත උදෙසාම කොළඹ ළමා රෝහලට පැමිණීම අවශ්‍ය නොවන අතර ඉදිරියේදී සියලුම පළාත්ල දිස්ත්‍රික් සහ මූලික රෝහල්වලදී දරුවන් එන්නත්කරණයට අවශ්‍ය සියලු සැලසුම් විශේෂඥ වෛද්‍ය අධීක්ෂණය යටතේ සිදුකිරීමට කටයුතු යොදා ඇත.

දරුවන් එන්නත්කරණය වයස් කාණ්ඩ 03ක් යටතේ ඇරැඹෙන අතර පළමුවෙන් අවුරුදු 12ත් 19ත් අතර සංජනනීය දරුවන් උදෙසා ඇරැඹිණි. මෙහිදී අවුරුදු 12ට අඩු සහ 20 ට වැඩි පුද්ගලයන් මේ යටතට අයත් නොවේ.  එමෙන්ම වයස අවුරුදු 15ත් 19ත් අතර වියේ පසුවන නිරෝගී දරුවන් සඳහා ඉදිරියේදී එන්නත ලබා දීමට නියමිත අතර අවුරුදු 12ත් 15ත් අතර කාණ්ඩයේ ළමයින්ට එන්නත්කරණය සඳහා විශේෂඥ නිර්දේශ ලද වහාම එයද ක්‍රියාත්මක වනු ඇති.

එන්නත්කරණය රෝහල්වලදී පමණි....

එන්නත්කරණය රෝහල්වලදී පමණක් සිදු කිරීමටත්, මෙතෙක් බොහෝ දත්ත ඇති  'ෆයිසර්‘ එන්නත යොදා ගැනීමටත් විශේෂඥ කමිටුවේ අනුමැතිය හිමිවී තිබේ. 

එන්නත ලබා ගත් පසුවද දරුවන්ගේ සංකූලතා ගැන අධීක්ෂණය කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් පත් කොට ඇත. මෙහි අතුරු ආබාධ අවම අතර එන්නතෙන් පසු කුමන හෝ සංකූලතාවක් ඇති වුව හොත් එන්නත් කාඩ්පතෙහි ඇති අංකය අමතා උපදෙස් ලබා ගත හැකියි. එය පැය 24 පුරාම විවෘතව තැබේ.

'ෆයිසර්' අතුරු අබාධ අවම එන්නතක්....

මෙම එන්නතෙහි අතුරු ආබාධ ඉතාමත් අවම අතර එන්නත ලබා දී පැය භාගයක් පමණ රෝහලේ රැඳී සිටීමෙන් පසු නිවෙසට යා හැකිය. කය වෙහෙසන කිසිඳු කාර්යයවල නියැළීමෙන් වැලකීම සුදුසුය. එන්නත ලබා දුන් ස්ථානය රතු වීම හෝ ඉදිමීම හෝ සිදු විය හැකියි. එය සාමාන්‍ය තත්ත්වයකි. සමහරුනට උණ ගතිය ඇති විය හැකියි. එවිට නියමිත මාත්‍රාව අනුව පැරසිටමෝල් ලබා ගත හැකියි. මෙවැනි තත්ත්ව ඉතාමත් සාමාන්‍ය නිසා අනවශ්‍ය කලබල ඇති කර නොගත යුතුය. සාමාන්‍ය පරිදි ආහාර වේලක් ලබා ගත හැකියි. ඔබට මෙතෙක් ලබා දී ඇති අනෙකුත් එන්නත් සේම මෙයද ප්‍රතිශක්තිකරණ එන්නතක් මිස දරුණු ගැටලු කිසිවක් මතු නොවේ. එන්නත මගින් ළමයින් බහුතරයකටම කිසිඳු අතුරු ආබාධයක් ඇති නොවන අතර සුළු පිරිසකට පමණක් අතුරු ආබාධ සුළුවෙන් පවතී. එය සෑම එන්නතකටම පොදු දෙයකි. එබැවින් අනවශ්‍ය බියක් ඇති කර නොගන්න.

දරුවාට නොපැකිළ එන්නත ලබා දෙන්න...

මේ වනවිට ලෝකයේ සේම අපේ රටේද විශේෂඥ කමිටුවල නිර්දේශ ඇතිව සාර්ථකව එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක අතර ඒ ගැන අනියත බියක් ඇති කර ගත යුතු නොවේ.

මේ වනවිට එන්නත් පළමු මාත්‍රාව ලබා දීමට කටයුතු කරගෙන යන අතර දෙවැනි මාත්‍රාව මාසයකින් ලබා දීමට නියමිතයි.

වයිරසයට වඩා ඉක්මනින් මිත්‍යා මත පැතිරෙන මෙවන් කාලයක වසංගතයෙන් දරු පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා එන්නත්කරණ වැඩපිළිවෙළට ඔබේ දරුවාගේ සක්‍රීය දායකත්වය ලබා දෙන්න. අනෙකුත් එන්නත් සේම මෙයද ප්‍රතිශක්තිකරණ එන්නතක් බැවින් අනවශ්‍ය බියක් ඇති කරගෙන දරුවාට එන්නත  ලබා ගැනීමට ඇති අවස්ථාව  කර නොගන්න.

-සටහන- මාධවී ධර්මරත්න.



අදහස් (0)

වසංගතයෙන් දරුවන් රැක ගන්න කොවිඩ් මර්දන එන්නත ලබා දෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 578 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 331 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site