(යොහාන් භාසුර සහ මහින්ද නිස්සංක)
‘ඇෆ්ලටොක්සීන්’ නැමැති පිළිකා කාරක අඩංගු බවට පරීක්‍ෂණවලින් තහවුරු කරනු ලැබූ පොල්තෙල් කන්ටේනර් පහක් මැලේසියාවට හෙට (06) ආපසු යවන බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසයි
කටාන ප‍්‍රදේශයේ පෞද්ගලික සමාගමකට අයත් මෙම පොල්තෙල් කන්ටේනර් පහේ පොල්තෙල් මෙටි‍්‍රක්ටොන් 100 ක් පමණ ඇතුළත්වන බව රේගුව පවසයි.
පෞද්ගලික සමාගම් හතරකින් ආනයනය කළ පොල්තෙල් කන්ටේනර් 13 ක පොල්තෙල්වල පිළිකා කාරක අඩංගු බවට ශ්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය, සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්‍ෂණ ඒකකය සහ කාර්මික තාක්‍ෂණ ආයතනය කළ තත්ත්ව පරීක්‍ෂණවලින් තහවුරු විය.
එම පොල්තෙල් ප‍්‍රති අපනයනය කරන ලෙස අදාල අංශ රේගුවට උපදෙස් දුන්නේය.
තත්ත්ව පරීක්‍ෂණයෙන් අසමත් වූ සෙසු පොල්තෙල් තොග ද ඉදිරියේදී ප‍්‍රති අපනයනය කරන බවත් මෙම තොගය එහි ආරම්භය බවත් එම නිලධාරියා පැවසීය.
අදාල සමාගමේ ගබඩාවලින් පොල්තෙල් නැවත වරායට ගෙනඒමට කටයුතු කළ බවත් එම සමාගමේ ගබඩාවලින් පොල්තෙල් පිටවී නොමැති බවට තහවුරු වූ බවත් එම නිලධාරියා පවසයි.
තත්ත්වය පරීක්‍ෂණය අසමත් වූ වෙනත් ආනයනික සමාගමකට අයත් පොල්තෙල් සහිත බවුසර් දෙකක් පසුගිදා දංකොටුවෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට රේගු බාරයේ පවතී. දඹුල්ලෙන් ද සැක සහිත පොල්තෙල් කන්ටේනරයක් පසුගිදා අත්අඩංගුවට ගෙන මුද්‍රා තැබීය.
මෙම පොල්තෙල් බවුසර්වල සහ කන්ටේනරයේ පොල්තෙල් සාම්පල් පරීක්‍ෂණ ස`දහා යොමුකර තිබුණ ද මේ දක්වා ඒවායේ ප‍්‍රතිඵල ලැබී නොමැත.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විෂ පොල් තෙල් හෙට මැලේසියාවට
siri Monday, 05 April 2021 08:17 AM
මැලේසියාවේ මිනිස්සුන්ට පිළිකා වැළඳුනාට ප්‍රශ්නයක් නැද්ද ?
Bandula Gu. Monday, 05 April 2021 09:36 AM
හෙට මැලේසියාවට අනිද්දා කොළඹ වරායට
Nihal Tuesday, 06 April 2021 06:14 AM
චුට්ටි කාලෙකට අපි කන්නම් ඔයාලා වැරදි හදාගන්නකම්. නැත්නම් ආයතන වැටෙයි.