IMG-LOGO

විශ්වයේ ඈත යෝධ අබිරහස් ග්‍රහලෝක

තරුවක් වටා ගමන් නොකරන, බෘහස්පති ග්‍රහයා තරම් අති විශාල, ග්‍රහලෝක කීපයක් ඈත විශ්වයේ පාවෙමින් පවතින බව නාසා ආයතනයේ විද්‍යාඥයෝ පවසති.

අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා ලෙස සැලකෙන්නේ වායුවලින් නිර්මාණය වුණු බෘහස්පති Jupiter ය. විද්‍යාඥයන්ට බෘහස්පති වැනි යෝධ අබිරහස් ග්‍රහයන් හමුවී ඇත්තේ, ජේම්ස් වෙබ් දුරේක්ෂය ආධාරයෙන්, ‘ඔරියන්’ නමැති නෙබියුලාව සිතියම්ගත කරද්දීය.

ජේම්ස් වෙබ් යනු මනුෂ්‍ය වර්ගයා විසින් නිර්මාණය කර, අභ්‍යවකාශයේ ඈත රඳවා තිබෙන අති ප්‍රබ  දුරේක්ෂයකි. මෙය නිර්මාණයට යොදා ගෙන ඇත්තේ ද අති නවීන තාක්ෂණයයි. අප සෞරග්‍රහ මණ්ඩලයේ රහස් පමණක් නොව, විශ්වයේ රහස් ද අනාවරණය කිරීමට ජේම්ස් වෙබ් දුරේක්ෂය සමත් වනු ඇතැයි විශ්වාස කෙරේ.

සාමාන්‍යයෙන් ඕනෑම ග්‍රහ වස්තුවක් තරුවක් වටා ගමන් කරයි. අප හිරු ලෙස හඳුන්වන්නේ අපගේ ග්‍රහ පද්ධතියට අයත් තාරකාවය. ජේම්ස් වෙබ් දුරේක්ෂය සොයා ගත් බෘහස්පති ග්‍රහයා තරම් අති විශාල, ග්‍රහලෝක තනිවම පැවැතීම විද්‍යාඥයන්ට ගැටලුවකි. මෙම ග්‍රහලෝක සැබැවින්ම ග්‍රහලෝකදැයි යන්න පවා ප්‍රහේලිකාවක් වී ඇත. කෙසේ නමුත් විද්‍යාඥයන් මේවා නම් කර ඇත්තේ Jupiter Mass Binary Objects - JuMBOs යන නමිනි.

(ස්තුතිය - නාසා ආයතනයට)



අදහස් (1)

විශ්වයේ ඈත යෝධ අබිරහස් ග්‍රහලෝක

උපාසක Tuesday, 03 October 2023 06:05 AM

ලෝක විෂය අචින්තියයි, කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. මේ එම දේශනාව සත්‍ය වෙන අවස්ථාවක් කියලා කියන්න පුළුවන්... යම් කාලෙක ඕවාට අපටත් කිට්ටු වෙන්න බැරිනැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site