
එකම ආහාර රටාව එපා වෙලාද? ආහාර සංස්කෘතිය වෙනස් කිරීමෙන් විවිධ ආහාරවල අවශ්‍යතාව මතු වීමට පටන් ගැනේ. එවිට විවිධත්වයක් ඇති වන පරිදි ගුණාත්මක ආහාර ගැනීමට හැකියාව ලැබේ.
ශරීරයට ලැබිය යුතු පෝෂ්‍ය පදාර්ථ විවිධයි. සෑම පෝෂ්‍ය පදාර්ථයක්ම සැපිරෙන පරිදි විවිධ ආහාර වර්ගවලට පුරුදු වීමෙන් අපට නිරෝගිතාව දිගටම පවත්වා ගත හැකිවේ.
විවිධ ආහාර ගැනීමේ වාසි
1) රෝගවලට ඇති අවදානම ඉතා අඩුයි
2) එකම රසයක් හුරුවූ දිවට විවිධ රස දැනීම් හුරු කළ හැකිවේ.
3) ආහාර රුචිය ඇති කරයි.
4) රස උත්පාදනය අනුව සිරුරේ අංගෝපාංගවල නිරෝගීතාව පවත්වා ගැනීමට, රැක ගැනීමට හැකි වේ.
විවිධ ආහාර මොනවාද?
අපි දිනපතාම එකම එළවළුව, පලතුරු සහ පළා වර්ග ඇතුළත් කර ගැනීමෙන් කෑම රුචිය අඩුවේ. එපමණක් නොව සමහර අත්‍යවශ්‍යම පෝෂ්‍ය පදාර්ථ වුව මඟහැරී යා හැකියි. විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වීමට පවා පුළුවනි. එබැවින් දිනකට අලුත් එළවළු වර්ග 05ක්, නැවුම් පලතුරු වර්ග 04ක්වත් දිනපතාම අලුත් පළා වර්ගයක් එකතු කර ගත හැකියි. මේ සියල්ලම අධික මිල මුදල් ගෙවා ලබා ගැනීම අනවශ්‍ය අතර ඔබට පහසුවෙන්ම ගෙවත්තෙන් සපයා ගත හැකි වේ. ඒ අනුව විටමින් වර්ග , ෆෝලික් ඇසිඩ් වැනි මඟ හැරෙන පෝෂණ සංඝටක පවා සපුරා ගත හැකියි.
අපේ සාම්ප්‍රදායික ආහාර රටාවේදී පළා වර්ග ගෙන බැලුවොත් මුගුණුවැන්න, කංකුන් නිතිපතා ආහාරයට එකතු වේ. ඒ වෙනුවට කෙනකුට පළා වර්ග අතර වුණත් විවිධත්වයක් ඇති වන පරිදි නිවිති, කුරිංඥං කොළ, සාරණ, මඤ්ඤොක්කා කොළ එකතු කර ගත හැකියි.
අපි ගන්නා ආහාර වේලක් කොටස් 04කට බෙදුවොත් එක් කොටසකට බත් ඊළඟ කොටස් දෙකට පළා වර්ග සහ එළවළුත් ඉතුරු කොටසට මස් හෝ මාළු එකතු කර ගත හැකියි. මස් මාංශ අනුභව නොකරන කෙනකු නම් ඒ වෙනුවට ධාන්‍ය වර්ග ආදේශ කළ හැකියි.
කෑම පිඟාන අලුත් කර ගැනීමෙන්
පියකරු භාවය ඇති වේ. සම නිරෝගී කරයි. පැහැපත් කරයි. හිස කෙස් වර්ධනය කර ගැටලු අවම කරයි. දත් , නිය ශක්තිමත් වේ. නිරෝගිකමේ ප්‍රතිලාභ මෙයාකාරයෙන් වඩ වඩාත් භුක්ති විඳීමට හැකි වේ.
-සටහන- මාධවී ධර්මරත්න
2025 නොවැම්බර් මස 04
92
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1564
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විවිධත්වයෙන් යුතු ගුණාත්මක ආහාර වේලකට හුරු වෙමු
ධනංජය ලක්ෂණ් Monday, 29 September 2025 06:22 AM
මම විවිධත්වයේ න් ආහාර ලබා ගැනීම හොඳ එක