IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


වල් අලි පහරින් පියා-දුව අනූ නවයෙන් බේරෙති

( කුෂාන් ජයවර්ධන)

පාසැල් දැරියක් හා පියෙකු ගමන් ගත් යතුරු පැදියකට අද(28) උදෑසන මහඉලුප්පල්ලම නගරයේදී  වන අලි පහර දීමට උත්සහ කර ඇති අතර, එහිදී ඔවුන් දෙනාගේ ජීවිත  අනූනවයෙන් බේරී ගිය බව එම නගරෙවාසීහු පවසති.

පාසැල් දැරියක හා ඇයගේ පියා ගමන් කළ යතුරු පැදියක් මෙහිදී වන අලි ප්‍රහාරයෙන් බේරී ඇත්තේ අනූනවයෙනි.

 ඒ එම දැරිය පාසැලට රැගෙන එන අවස්ථාවේදී මහඉලුප්පල්ලම නගරයේ  තැපැල් කාර්යාලය ආසන්නයේ ස්ථානයකදී අද(28) උදෑසන 6.30ට පමණ සිද්දිය සිදුව තිබිණි.

එහිදී එම පියා සිය යතුරු පැදිය අතහැර දැමූ ඉඩමක් වෙත ධාවනය කර සිය දියණීයගේ හා ඔහුගේ ජීවිත බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරෑ බව ප්‍රෙද්ශවාසීහු පවසති.

ඒ අනුව එම පාසැල් දැරිවියගේ හා ඇයගේ පියාගේ ජීවිත බේරී ඇත්තේ අනූ නවයෙනි. සිද්දියට මුහුණ පෑ පාසැල් දැරිය සහ එම පියා සිද්දියෙන් තැතිගන්මට ලක්ව සිටි බව ද ප්‍රදේශවාසීහු පවසති.

අද උදෑසන නගරයට කඩා වැදුණ වන අලි කලහකාරී ලෙස නගරයේ හැසිරීම හේතුවෙන් එම නගරවැසියන් මෙන්ම මාර්ගයේ ගමන් ගත් පිරිස්ද දැඩි ජීවිත අවදානමකට මෙන්ම භීතියට පත්වූ බවත් ඇතමුන් හිස් ළූ ළූ අත දිව ගිය බවද සිද්දියට මුහුණ පෑ පිරිස් පවසති.

උදෑසන නගරයේ පාසැල් රාජකාරියේ යෙදී පොලිස් නිලධාරීන් එම අවස්ථාවේ පාසැල් දරුවන්ගේ හා මගින්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් පාලනය කරමින් කටයුතු කර තිබිණි. එම සිද්දිය හේතුවෙන් නගරයේ රථවාහන තදබදයක් ද ඇතිව තිබිණ.

මහඉලුප්පල්ලම නගරය ඇතුළු ප්‍රෙද්ශයන්ට දිවා රාත්‍රී දෙකෙහිම එල්ලව ඇති මෙම වනඅලි තර්ජනය හේතුවෙන් පාසැල් දරුවන් ඇතුළු විශාල පිරිසකගේ ජීවිත අවදානමකට ලක්ව ඇති බවද කියති.

 

 



අදහස් (0)

වල් අලි පහරින් පියා-දුව අනූ නවයෙන් බේරෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1585 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1378 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site