වෛද්‍ය නිවාඩු සඳහා ගෙවූ දීමනාවෙන් බදු අය කිරීමට විරෝධය දක්වමින් වැඩවර්ජනය කරන වරාය සේවකයන්ගේ වැඩ තහනම් කර ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දෙන බව වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
බොහෝ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවකයන්ගේ දීමනා කපා ඇති පසුබිමක වරාය අධිකාරිය එහි සේවකයන්ට වෛද්‍ය නිවාඩු සඳහා දීමනාව ගෙවූ බවත් එම දීමනාවෙන් බදු අය කිරීම වාරාය අධිකාරියේ තීරණයක් නොව එය රජයේ බදු ප්‍රතිපත්ය බවත් එම නිලධාරියා කීය.
එම දීමනාවෙන් අයකර ඇති බදු මුදල් වරායට නොලැබෙන බවත් එය රජයට යොමුකළ යුතු බවත් එම නිලධාරියා සඳහන් කළේය.
බදු සම්බන්ධයෙන් වැඩවර්ජන කළ නොහැකි යැයි අධිකරණ නියෝගයක් තිබියදී වර්ජනය කිරීම අධිකරණ නියෝගය නොසළකා හැරීමත් බව කී එම නිලධාරියා දැඩි දුෂ්කරතා මත වෛද්‍ය නිවාඩු දීමනාව ලැබීම පිළිබඳව වරාය සේවකයන් වාරාය කළමණාකාරිත්වය අග කළ යුතු බව ද සඳහන් කළේය.
COMMENTS
වරාය වර්ජකයන්ගේ රැකියා අනතුරේ දැමීමට වුර්තිය සමිති නායකයන් වගකිව යුතුවේ.
බහුතරයක් රටේ ජනයාගේ බෞද්ධයින්ගේ පෝය දිනය අද බහුතරයේ සිත්සතන් නිවෙන්නේ මාසෙකට එක දවසක්... එම දිනය ගැන කිසිම සටහනක් නැහැ.
මේ සේවකයන්ගේ බදු අයකරලා මහබැංකුවේ අයගේ පඩි වැඩි කරගන්නවා කියලත් අධිකරණයට කියන්න ඔයගමන්ම මතක ඇතුව...