IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වර්ල්ඩ් ෆයිනෑන්ස් හි ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම’සෙලින්කෝ ලයිෆ්

ලොව ප්‍රකට මූල්‍ය සඟරාවක් වන වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් 2023 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්‍ෂණ සමාගම’ ලෙසට සෙලින්කෝ ලයිෆ් තෝරාගෙන ඇති අතර, එය අඛණ්ඩව 10 වැනි වරට මෙම අභිමානවත් නාමය සමාගම වෙත පුද කිරීමක් බව එම සමාගම කියයි.

මෙම සම්මානය ප්‍රකාශයට පත්කරනු ලැබුවේ, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය ^SLIM&විසින්, සෙලින්කෝ ලයිෆ් ‘ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය’ ලෙස අඛණ්ඩව දෙවැනි වසර සඳහා නම් කිරීමෙන් පසුවය. මේ අනුව රටේ ජීවිත රක්‍ෂණ වෙළෙඳ පොළ ප්‍රමුඛයා සඳහා 2023 ජාත්‍යන්තර සහ දේශීය ඇගයීම් ලද වසරක් වෙයි.

වර්ල්ඩ් ෆයිනෑන්ස් කීර්තිමත් සම්මානය අඛණ්ඩව දිනාගත් ශ්‍රී ලංකාවේ එකම ජීවිත රක්‍ෂණ සමාගම සෙලින්කෝ ලයිෆ් සමාගමයි.

වර්ල්ඩ් ෆයිනෑන්ස් සම්මානය දිනා ගැනීමෙන් සෙලින්කෝ ලයිෆ් එම සඟරාව විසින් එහි 2023 සම්මාන උළෙලේදී එක්සත් රටවල හොඳම ජීවිත රක්‍ෂණ සමාගම් ලෙසට නම් කරන ලද ඇමරිකාවේ MassMutualඑක්සත් රාජධානියේ Avivaකැනඩාවේ Canada Lifeඕස්ට්‍රේලියාවේ TALස්විට්සර්ලන්තයේ Swiss Life,ප්‍රංශයේ CNP Assurance, චීනයේ China Life Insurance Group  සහ ඉන්දියාවේ Max Life Insuranceයන දැවැන්තයන් අතර සිටී.

වර්ල්ඩ් ෆයිනෑන්ස් සම්මානය මගින් සෙලින්කෝ ලයිෆ් ගනුදෙනුකරුවන්ට සේවය කිරීම සඳහා සිය සමස්ත ක්‍රියාවලි කාර්යක්‍ෂමතාව සහ සබඳතා අඛණ්ඩව වැඩිදියුණු කිරීමට කැපවී සිටින සමාගමක් ලෙස ඇගයීමට ලක් කරයි.    

“වර්ල්ඩ් ෆයිනෑන්ස්”‍ සම්මානය සඳහා වන තක්සේරු නිර්ණායක ලෙස, ප්‍රතිරක්ෂණ ක්‍රියාවලි සහ ක්‍රියාවලි කාර්යක්ෂමතාව, රක්ෂණ ඔප්පුව නඩත්තු කිරීම - ගනුදෙනුකරුවන්ගේ රක්ෂණ ඔප්පු සමාලෝචනය කිරීමේ ක්‍රියාවලිය, ආවරණයේ යෝග්‍යතාවය සහ රක්ෂණ ඔප්පුවක් සඳහා පිරිවැය, අවදානමට නිරාවරණය වීම; පාරිභෝගිකයන් රඳවා ගැනීමේ අනුපාතය, වන්දි ගෙවීමට ගතවන සාමාන්‍ය කාලය, නව ගනුදෙනුකරුවන් බඳවා ගැනීමේ අනුපාතය සහ මූල්‍ය ස්ථායීතාව - වාරික ආදායම, වෙළෙඳපොල කොටස, ජීවිත අරමුදල සහ සමාගමේ ලාභය සැලකිල්ලට ගෙන තිබේ.

 



අදහස් (0)

වර්ල්ඩ් ෆයිනෑන්ස් හි ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම’සෙලින්කෝ ලයිෆ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site