IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වයිරසය ආසාදිත සිසුවෙක් දැන දැනත් විභාගයට ඇවිත්

(ශාන්ත ප්‍රදීප් කුමාර)

කොරෝනා ආසාදිත 14 හැවිරිදි සිසුවකු කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ලන්ඩන් ඕලෙවල් විභාගයට පෙනී සිටීම සඳහා එම දරුවා විභාග මධ්‍යස්ථානයට රැගෙන ඔහුගේ මාමාට එරෙහිව  නිරෝධායන පනත යටතේ නඩු පැවැරූ බව  කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

මෙම සිසුවාට මෙන්ම ඔහුගේ පියාට,මවට සහ සහෝදරියට ද කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබියදීත් මේ ආකාරයට විභාගයට පෙනී සිටිම විශාල වරදක් බව ද සෞඛ්‍ය අංශ කියයි.

මත්තේගොඩ පදිංචි මෙම දරුවා වස්කඩුව ප්‍රදේශයේ පදිංචි තම මාමා සමග යතුරු පැදියකින් විභාග මධ්‍යස්ථානයට පැමිණ ඇතැයි ද සිදු කළ පරික්ෂණවලින් තහවුරු වී ඇත.

මෙම සිසුවා විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව නිවෙසට  ගොස් ඇත. මෙම සිසුවාට කොරෝනා ආසාදනය වී ඇති බවට දන්නා වෙනත් සිදුවකු ඒ සම්බන්ධයෙන් නිවෙසට ගොස් තම පියට දැනුම් දීමෙන් පසු කළ දැනුම් දීමටකට අනුව ආසාදිත දරුවා විභාගයට පෙනී සිටි බවට තහවුරු කරගෙන ඇත.

කෙසේ වුවද ඉකුත් සිකුරාද සිට මෙම විභාගය දින නියමයක් නැවැත්වීමට කේම්බ්‍රිජ් ජාත්‍යාන්තර අධ්‍යාපන ආයතනය  තීරණය කර තිබුණි.



අදහස් (1)

වයිරසය ආසාදිත සිසුවෙක් දැන දැනත් විභාගයට ඇවිත්

Rata Perata Monday, 10 May 2021 06:20 AM

මෙ පොලිසියත් මෙ වගේ අහිංසක මිනිස්සුන්ට තමයි නීතිය පෙන්වන්නේ. කොරෝනා ගැන දැන දැනම නුවර එළියේ වසන්ත සැණකෙළි කිසිම නීතියක් නැහැ. පුදුම රටක් මෙක...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 243 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 176 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 982 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site