(සිතුම් චතුරංග)
නීතිවිරෝධිව ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ වියලි කහ කිලෝ 306ක් සමඟ පුද්ගලයකු මන්නාරම ජපන් මිත්‍රත්ව පාලම අසලදී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.
නිරෝධායන අැඳිරිනීතිය නොතකමින් කොළඹ ප්‍රදේශයට ගමන්කල සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී වියලි කහ තොගය සොයාගෙන තිබෙි.
පොලිතින් උර තුල වියලි කහ තොගය අසුරා කිසිවෙකුට සැක නොසිතෙන ලෙස සැකකරු කහ තොගය ප්‍රවාහනය කිරමින් සිටි බවද පොලිසිය පැවසීය.
තලෙයිමන්නාරම ප්‍රදේශයේ සිටින ජාවාරම්කරුවකුගෙන් වියළි කහතොගය ලබාගෙන අැති බවට සිදුකළ විමර්ශන වලදී අනාවරණයවූ බවද පොලිසිය පැවසීය.
සැකකරු මඩකලපුව, එරාවූර් පදිංචි වයස අවුරුදු 29ක පුද්ගලයකු වෙි.
අත්අඩංගුවටගත් වියළි කහ තොගය සහ සැකකරු මන්නාරම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කහතොගය විනාශ කිරීමට නියමිතව තිබුණි.
මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වියලි කහ සමඟ අයෙක් මන්නාරමෙන් අල්ලයි
de silva Wednesday, 08 September 2021 06:02 PM
කරුණාකර කහ සාමාන්‍ය පරිදි ගෙවන්න ඉඩ දෙන්න... කහ තහනම් කරලා වසර 1 1/2ක් පමණ වෙනවා. නමුත් රටේ කහ අවශ්‍යතාවය සම්පූර්ණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කිසිම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා නැහැ.