( පුෂ්පකුමාර ජයරත්න )
පනවා තිබෙන ඇඳිරි නීතිය හේතුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ රැසක් සපයාගත නොහැකිව සිටින බව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඖෂධ වෙළඳසැල් හිමිවරු ප්‍රකාශ කරති.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් ඖෂධ වර්ග බෙදාහැරීම සිදු කරන නියෝජිතයන්ට ඖෂධ බෙදාහැරීමට නොහැකි වීමෙන් ඖෂධ අලෙවිසැල් බොහෝමයක ඖෂධ විශාල ප්‍රමාණයක හිඟයක් පවතින බව ඔවුහු පෙන්වා දෙති .
ඇඳිරි නීතියට බියෙන් ජනතාව වෙනදා මිළදී ගන්නි ප්‍රමාණයටත් වඩා ඖෂධ මිලදී ගැනීමට පෙළඹීමෙන් අලෙවිසැල්වල ඖෂධ රැසක්ම හිඟව පවතින බවද ඔවුහු කියති .
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කුරුණෑගල දිස්ත්‍රික් ඖෂධ බෙදාහරින්නන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ තමන් සතුව ඖෂධ ප්‍රමාණවත් තරම් ඇතත් ඇඳිරි නීතිය හේතුවෙන් ඒවා බෙදා හැරීමට නොහැකිව සිටින බවය.
මෙම සේවාවද ජනතාවට අත්‍යාවශ්‍යම සේවාවක් වන බැවින් එම ක්ෂේත්‍රය සඳහාද ඇඳිරි නීති බලපත්‍ර ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවද එම සංගමය පවසයි .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වයඹ ඔසුසැල්වල ඖෂධ හිඟයක්