
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව විසින් මහා ඉහළින් කතා කරන ලද වයින් ස්ටෝස් බලපත්‍ර වහා අහෝසි කරන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
නලින් බණ්ඩාර මහතා මෙසේද කීය.
ඔබ ලා පාස්කු ප්‍රහාරය ගැන ඉන්දියාවට ඇඟිල්ල දිගු කළා. ඒක නිසා ජනපති මුලින්ම කළ යුත්තේ ඉන්දියාවට ගිහින් මේ ප්‍රකාශ ඉල්ලා අස්කර ගැනීමයි.දැන් ඔබතුමාලා එට්කා ගිවිසුමටත් අත ඔසවලා ආවා.
ඔබතුමාලා ඉස්සර නම් රටේ හොඳම වචන වලින් මේවට බැන්නා. දැන් ඒවට මල් තියලා වඳිනවා. ඉන්ධන බෙදා හදාගන්න බට ලයින් දාන්න එකඟ වී තිබෙනවා.පසුගිය කාලේ මේ රටේ ජනතාව මුලා කරන්න කියපු කතන්දර අපරාදෙ.
වයින් ස්ටෝස් ගැන කතා කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්බන්ධ බව බෙර ගහලා කිව්වා.මේක සභාගත කලාම දේශපාලකයන්ගේ නම් නෑ.මාසයක් ගියා.මේ වයින් ස්ටෝස් බලපත් අහෝසි කළාද?අපේ පැත්තේ හරි කමක් නෑ නම් තියෙනව නම් කියන්න.ඔබතුමාලා ලබා ගත් ජන මතයට ගෞරව වෙන විදියට වැඩකරන්න.
COMMENTS
හිතේ අමාරුවට කියන කතා ටික ඉවසන්න.
නීතියට ආණ්ඩුත් යටයි, සල්ලි දීලා ලයිසන් ගත්තේ. ඒක නොතේරෙනව නම්
ඇත්තටම සියලු වයින් ස්ටෝස් බලපත්‍ර අහෝසි කරලා විද්‍යාත්මක ක්‍රමයට අලුතින් දෙන්න පුලුවන්නේ. කයිය ගහන තරම් ලේසි නෑනේ කරන්න ගියහම. මීට අවුරුදු දෙකකට කලින් බලය ලැබුණා නම් අද ලංකාව කියල රටක් නෑ.
ඔබතුමන්ගේ බාර්වලත් අහෝසි කරන්න අවශ්‍යයි. නැතිනම් ඊරෂ්‍යාවටද කියන්නේ බිස්නස් අඩුවෙයි කියලා.
එතකොට කසිප්පු බිස්නස් එක ජයටම කරන්න පුළුවන් නේද ?
දෙන තරම් ලේසියෙන් අහෝසි කරන්න බෑ කියල තේරෙන්නෙ නැතිව ඇති. මීට කලින් චන්ද්‍රිකාගේ ආණ්ඩුව ආපු ගමන් තිබිච්ච ලයිසන් ඔක්කොම කැන්සල් කරලා පොදු පෙරමුණේ අයට අළුත් ලයිසන් දුන්නා. එතකොට කළින් ලයිසන් තිබිච්ච කට්ටිය වසර කිහිපයක් නඩු කියලා ඒගොල්ලන්ගේ ලයිසන් ආපහු ගත්තා. අන්තිමට වුණේ බාර් ප්‍රමාණය නිකම්ම දෙගුණ වුණා. මේ ආණ්ඩුවත් ඒ වැරැද්ද නොකර, කරන දෙයක් පිළිවෙලට සහ නීතියට අනුව කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
හොදමු හොදමු. ආයෙත් ලොවෙත් නැතිවෙන්ඩ.
මෝඩයෝ වගේ බෙරිහන් දෙන්න එපා. හරියටම ඒ දේවල් කරයි.
ඔයාගේ කසිප්පු ටික විකුණගන්න පුළුවන්නේ ඉක්මනට නේද
ඕවා තහනම් කරලා හරියනවද? අපිට යනයන තැන ෂොට් දෙක තුනක් දාගන්න රට පුරා බාර් තියන්න ඕන නේ..!
කසිප්පු ලයිසන් දෙනවා නම් අපි සජබෙට සජබෙ අපිට.
රටේ ජනතාව තේරුම් ගත යුතුයි මුන් විපක්ෂෙටවත් සුදුසු නැහැ කියල.
මේ සම්බන්ධව අධිකරණයේ නඩු යනවා. ඉවසන්න...!
බොරුකීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් කියලා නීතිය දන්නවා කියලා ප්‍රසිද්ධ ගැහැණියක් කියලා තිබුණා... එයින් පේනවා බලය ගන්න බොරු කිව්වාට පාලනය ගෙනයද්දී බොරු බැහැ කියලා.. ඔය බලපත්‍ර අවලංගු කළොත් වසරකට රජයට අහිමිවෙන මුදල් බොරුවෙන් සොයන්න බැහැ වගෙයි...
කසිප්පු පෙරන නිසා හාද?