IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


වියානා ඇළට මෝටර් රිය පෙරැළි දෙන්නෙක් මරුට

(ප්‍රසාද් රුක්මල් සහ රංජිත් කරුණාවීර)

බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ දී අද (15) අලුයම  මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වියානා ඇළට පෙරලීයාමෙන් මෝටර් රථයේ ගමන් ගත් දෙදෙනකු මියගිය බව මහියංගන පොලිසිය පවසයි .

අනතුරින් මියගොස් ඇත්තේ බුත්තල ඔක්කම්පිටිය පහලගම ප්‍රදේශයේ පදිංචි මෝටර් රථය පදවාගෙන ආ මාතර මහවිදානලාගේ සුනිල් ජයරත්න (56) සහ බුත්තල  ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන ආර් එම් .සුමිත් රත්නායක (56) යන දෙදෙනා බව පොලිසිය කීය .

මොවුන් දෙදෙනා අද  (15)අලුයම  බිබිළ දෙස සිට මහියංගන දෙසට  මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදි  17කනුව ප්‍රදේශයේ දී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන වියානා ඇළට පෙරලීගොස් ඇති බවත් පොලිසිය සදහන් කලේය .

මොවුන් දෙදෙනා වියානා ඇළට පෙරලීගිය   මෝටර් රථය තුල ම මියගොස් සිටි බවත් පොලිසිය පවසයි .

(ඡායාරූප: ප්‍රසාද් රුක්මල්)


(ඡායාරූප: රංජිත් කරුණාවීර)



අදහස් (0)

වියානා ඇළට මෝටර් රිය පෙරැළි දෙන්නෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 152 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 357 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site