
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ නීතිඥයන් සහ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි කියමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් ජාත්‍යන්තර වෘත්තීය සංවිධාන වෙත ලිපියක් යවා තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ,එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක,ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ,පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන්,පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහත්වරුන් ප්රමුඛ පක්ෂ නායකයන් මෙම ලිපියට අත්සන් තබා තිබේ.
ජාත්‍යන්තර නීතිඥ සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය, ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම, තරුණ නීතිඥයින්ගේ ජාත්‍යන්තර සංගමය, ජාත්‍යන්තර ප්රජාතන්ත්රවාදී නීතිඥ සංගමය, ඇම්නෙස්ටි ජාත්‍යන්තරය, හියුමන් රයිට්ස් වොච්, මානව හිමිකම් සඳහා වූ ජාත්‍යන්තර සම්මේලනය, වධහිංසාවට එරෙහි ලෝක සංවිධානය, පෙරටුගාමී ආරක්ෂකයින්, මානව හිමිකම් සඳහා මහ කොමසාරිස් කාර්යාලය, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත අදාල ලිපිය යොමු කර ඇත.
නවීන ගිනි අවි භාවිතයෙන් සිදු වන වෙඩි තැබීම් සහ ඝාතන රටාවක් නිර්මාණය වී පවතින අතර පසුගිය වසරේ ජීවිත 60 කට වැඩි ප්‍රමාණයක් ද මේ වසරේ ජීවිත නවයක් ද අහිමි ව ගොස් තිබෙන්නේ යැයි අදාළ ලිපියේ සඳහන් වේ.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා පුරවැසියන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට අසමත් වී තිබෙන්නේ යැයිද එම ලිපියේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඔක්කොමලා එක්සත්ව එක්සිත්ව සමගියෙන් පසුගිය ජනාධිපතිවරණයට එක් අයෙක් ඉදිරිපත් කලානම් ඔය මොකුත්ම නැහැනේද
මේ ගොන් වහන්සේලා හිතන්නේ ජාත්‍යාන්තරයේ ඉන්නේ මුං වගේම ගොන් කියල. ලංකාවේ සිදුවන දේ මොනවද නොවෙන දේ මොනවද හා විපකිශයේ ඉන්නෙ මොක්කුද කියල ඔය කියන ජාත්‍යාන්තරය හොඳටම දන්නවා.
දේශපාලකයෝද මුන් අප්පා.මේ රටට දායාද කල දේශපාලන කරුම පාතාලේ උන් එක්ක ලැගල , උන් ගේ කුණු අනෙක් පාතාල දීල , ඒ හෙතුව නිසාම පාතලෙන්ම වෙඩි කාල කියල හොඳටම දැනගෙනත් මේ පිස්සා ලෝකෙට ලියුම් ලියනවා. අර , බැකෝ ද, කෙහෙල් ද එක්ක ද කොහෙද නටපු තමාරා ගැනත් ලියල යව්වනම් හරි .
ඔය කියන පෙත්සම හෙවත් පච ලියුම යොමුකර ඇති ජාත්‍යන්තර ආයතන සියල්ලෝම දන්නවා මේ ලියුම ලියන්නේ ..ඒ කාලේ කොල්ලන්ගේ ඔලු වලට පරාල ඇන ගහපු , ටයර් සෑය වල තරුණයන් තරුණියන් පන පිටින් රෝස් කරපු, රිචර්ඩ් ද සොයිසා ..වැනි ජනමාධ්‍ය කරුවන් මරාදමපු , තරුණියන් දුෂණය කොට පාටි දමාපු , මුළු රටම කොල්ලකාපු ... අසික්කිත වනචාරි ගෝත්‍රිකයින් බව.
අනේ පව් අසරණයෝ
හොරු කෙඳිරි ගානවා නෙමෙයි විලාප තියෙනවා