IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


වඳුරු පැපොලෙන් වලකින්නේ කොහොමද?

ලොව සෙසු රටවල වඳුරු පැපොල රෝගයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේදී අපි විටින් විට මෙකී රෝගය ගැන ඔබව දැනුම්වත් කළෙමු. ඒ වනවිට කිසිඳු ආසාදිතයකු මෙරටින් වාර්තා නොවිණි.

ඒත් පසුගියදා වඳුරු පැපොල පළමු ආසාදිතයා මෙරටින් වාර්තා වීමත් සමඟ නැවත වතාවක් රෝගය ගැන වැඩි කතා බහක් මෙන්ම රෝගය පැතිරීමේ අවදානමක්ද මතු විය.

රෝගයේ නිදාන කතාව

මෙම වයිරස් රෝගය මුලින්ම හඳුනා ගැණුනේ අප්‍රිකාවේ කැලෑවල විසූ වඳුරන්ගෙනි. එම වයිරසය අසාදිත වඳුරන් මගින් මුලින්ම අප්‍රිකානු රටවල වෙසෙන පුද්ගලයන් හට වයිරසය ආසාදනය වී තිබේ. ඒ 1980 වසරේදීය. මුල් කාලයේදී අප්‍රිකානු රටවල පමණක් පැතිරුණු වඳුරු පැපොල රෝගය පසුකාලයේදී යුරෝපා රටවල්ද ආක්‍රමණය කෙරිණි.

රෝගයේ ස්වාභාවය

මෙය පැපොල රෝගය සහ වසූරිය යන රෝග දෙක අතරමැදි රෝග තත්ත්වයකි. වර්ෂ 1978දී පමණ වසූරිය මෙරටින් තුරන් කෙරිණි. වසූරිය පැවැති වකවානුවලදී ඊට අදාල ප්‍රතිශක්තිකරණය ලබා දීම සිදු විය.

රෝග ලක්ෂණ

උණ ගතියට අමතරව සුදු පැහැති වතුර පිරුණු තරමක් විශාල බුබුළු දදයක් ආකාරයෙන් සිරුරේ පැතිරීම ,හිසරදය, ඇඟපත වේදනාව, මහන්සි ගතියක් දැනීම රෝග ලක්ෂණ වේ.

වඳුරු පැපොල වයිරසය වැළඳී සතියක් දෙකක් පමණ කල් අල්ලා පැවැතිය හැකිය.

රෝගයේ බීජාවසන සමය දින 07ත් දින 14ත් අතර වේ. මෙය ළමයින්ට වැළඳුණහොත් තත්ත්වය වඩා බරපතළ විය හැකියි.

රෝගය බෝ වීමේ ක්‍රම

වඳුරු පැපොල රෝග ආසාදිතයකු මුහුණට මුහුණ ගැටීම, ආසාදිත පුද්ගලයකු වෙනත් පුද්ගලයකුගේ සමෙහි ස්පර්ශ වීම මගින් වුවද රෝගය බෝවිය හැකියි. ඒ අනුව ආසාදිතයකු හා සෘජු ශාරීරික සම්බන්ධතා පැවැත්වීම , සමලිංගික ක්‍රියාකාරකම් හරහාද මෙම රෝගය වෙනත් පාර්ශව අතර දැඩිව ව්‍යාප්ත වීමේ ප්‍රධාන සාධක ලෙස හඳුනා ගෙන තිබේ.

තවද ආසාදිතයකු පුද්ගලිකව පරිහරණය කළ දෑද වෙනත් පිරිස් අතර හුවමාරු පරිහරණයේදී රෝගය තවත් පුද්ගලයන් කරා ඉක්මනින් පැතිරී යාමට හැකියි

ප්‍රතිකාර

මෙම රෝගය සඳහා වසූරිය එන්නත හෝ වඳුරු පැපොල රෝගය සඳහාම සොයා ගත් එන්නත යොදා ගැනේ.

නිවැරැදි රෝග විනිශ්චය වැදගත්

මේ දිනවලදී පෙර පාසල් සහ පාසල් ළමයින් අතර අත් පා මුඛ රෝගයද පැතිරී යයි. එයද වයිරස් රෝගයක් නිසා පැතිරීම දැඩිය. සුදු පැහැ වතුර පිරි බුබුළු සිරුර පුරාම හට ගැනීම රෝග දෙකේම පොදු ලක්ෂණය වේ.

ද්විතීක බැක්ටීරියා ආසාදන තත්ත්වයක්ද ඇති වුවහොත් උණ තත්ත්වය කල් අල්ලා පැවතීමට පුළුවන. සිරුරේ මතු වූ ළප කැළැල් මැකී යාමට කලක් ගතවේ. සමේ විකෘතිතා පවා ඇති කරවීමට සමත් රෝගයකි. එබැවින් රෝග නිශ්චය කිරීම නිවැරැදි වීමද අත්‍යවශ්‍ය අතර නිසි වෛද්‍ය උපදෙස්වලට අනුකූලව කටයුතු කිරීමද අවශ්‍යයි.

වලක්වා ගැනීම

වයිරස් රෝගීන් හමුවූ රටවලට සංචාරය කිරීමත් එවන් රටවල සිට වෙනත් රටවලට පැමිණෙන සංචාරක පිරිස් නිසාද රෝගය පහසුවෙන් සම්ප්‍රේශනය විය හැකියි. එබැවින් විදෙස්ගතව සිට මෙරටට පැමිණි කවරකුට හෝ වඳුරු පැපොල රෝගය යැයි සැක සහිත ලක්ෂණ ඇත්නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙතින් හෝ ළඟම ඇති රජයේ රෝහලක් වෙත හැකි ඉක්මනින් යොමු වන්න. එවිට තමන් ආසාදිතයකුද නැද්ද යන්න පී.සී.ආර්. පරීක්ෂණයක් මගින් තහවුරු කර ගැනීමට පුළුවන.

පසුගිය කාලයේදී ගොලීය වසංගත තත්ත්වයක් ලෙස කොවිඩ්-19 රෝගයද අපේ රටේ දැඩි ව්‍යාප්තිය හමුවේ රෝගී ජනතාව ,සෞඛ්‍ය අංශද දැඩි අසීරුතාවකට පත් විය. වයිරස් රෝග සම්ප්‍රේශනය ඉතා වේගවත් බැවින් සමාජ දුරස්ථභාවය, දෑත්වල පිරිසුදුතාව වැනි සෞඛ්‍ය පුරුදුවලට තව දුරටත් අනුගත වීම වැදගත්ය.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

වඳුරු පැපොලෙන් වලකින්නේ කොහොමද?

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඩෑන් මරන්න ඔත්තු බැලූ අයත් අල්ලයි
2025 මැයි මස 03 54 0

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ඔත්තුකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.


සබරගමු නවක වද සිද්ධියේ පරීක්ෂණ සී.අයි.ඩීයට
2025 මැයි මස 03 43 0

සබරගමු විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබාදීම සම්බන්ධයෙන්සමනල වැව පොලිසිය වෙත ලද පැමිණිල්ලට අදාළව වැඩ බලන පොලිස්පතිවරයාගේ


ජ‘පුර සිසුවාට පහරදුන් සිසුන්ගේ පන්ති තහනම් කරයි
2025 මැයි මස 03 302 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ සිසුවකුට පහර දුන් සිසුන්ගේ පන්ති තහනම් කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව ව


ජනපති වියට්නාමයට
2025 මැයි මස 03 308 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් 05/03 දින පස්වරුවේ පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය


ඩෑන් ඝාතනයේ සැකකරු රඳවා ගන්න අවසර
2025 මැයි මස 03 366 0

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු පැය 48 කාලයකට රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත්බව බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසය කියයි


පුංචි ඡන්දෙ ගමන් බිමන් වලට ගිය සල්ලි ආණ්ඩුවට දෙනවා
2025 මැයි මස 03 1382 0

පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 565 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1172 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site