
(සමන් පාලිත නානායක්කාර)
ගිරාඳුරුකෝට්ටේ විරාණගම නවය කනුව අසල ප්‍රදේශයේදී අද 23 උදෑසන වන අලියකු පහරදීමෙන් තරුණියක ජීවිතක්ෂයට පත් වී ඇති බව ගිරාදුරුකෝට්ටේ පොලිසිය පැවසීය.
මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ වන්නකු වත්ත වඩුගේ ආශ්චර්යා මිහිරාණි ( 20) නමැති තරුණික බවද පොලිසිය පැවසීය.
පෞද්ගලික ඇගලුම් ආයතනයක රැකියාවක් සඳහා යාමට බස් රථයක් එනතුරු මාර්ගය අයිනේ සිටි මෙම තරුණිය එක්වරම වන අලි ප්‍රහාරයකට ලක්වී තිබේ.
වන අලි පහරින් තුවාල ලබා මග වැටී සිටි තරුණිය ප්‍රදේශවාසීන් විසින් කඩිනමින් මහියංගන රෝහලට රැගෙන ගියද ඇය ඡීවිතක්ෂයට පත් වී ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තමයි රටේ දැවෙන ප්‍රශ්න. මෙතරම් කලක් මේවා නොසලකා හැරියා මදිවට, මේ කෝලම් විපක්ෂය ආයේ බලයට ආයේ පොරකනවා මිසක් මිනිසුන්ගේ ප්‍රශ්නවලට විසදුම් සොයන්න වෙහෙසෙන්නේ නෑ.
ඈත ගම්වල සිටින මිනිසුන් වන අලි වන අලි පහර කා මිය යාම සාමාන්‍ය සිද්දියක් බවට පත්ව ඇත. මේ අහිංසක මිනිසුන්ට පහර දෙන වල් අලින්ට වෙඩි තැබීමට මේ තරම් පසුබට වෙන්නේ, ඒ මිනිසුන් කිසිවක් කර ගත නොහැකි දුප්පත් මිනිසුන් නිසාද?
පවු, අවුරුදු 20ක කෙනෙක් රස්සාවට යනවා කියන්නේ. ගෙදර ප්‍රශ්න ගොඩක් ඇති.