IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


විදෙස් රටවල සිටින තවත් ලාංකිකයන් 825ක් ගෙන්වන්න සැරසෙයි

(ටී.කේ.ජී.කපිල )

විදේශයන්හි රැදී සිටින ශ්‍රී ලාංකිකයන් එම රටවල සිට යළි ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ, ඉදිරි දිනවලදී තවත් ශ්‍රී ලාංකිකයන් 825 ක පමණ ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සැළසුම් සකස් කරමින් සිටින බව විදේශ සබදතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය , අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය.


ඒ අනුව හෙට(11)  පිලිපීනයේ මැනිලා නුවර සිටද, 13වැනිදා මාලදිවයින මාලේ නුවර සිටද, 15 වැනිදා  පාකිස්තානයේ ලාහෝර් නුවර සිටද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 3 ක් මගින් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන ඒමට නියමිතය.

ඊට අමතරව ඉන්දියාව වෙත යෑමට නොහැකිව මෙරට තුළ තවදුරටත් රැදී සිටින ඉන්දීය ජාතිකයන් පිරිසක් 15 දින බැංගලෝර් නුවර වෙතත් , 22 දින නවදිල්ලි නුවර වෙතත් , ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 ක් මගින් රැගෙන යෑමට නියමිත බව ඉන්දීය ගුවන් සේවයේ ප්‍රකාශකවරයෙක් පැවසීය.

මේ අතර අද  දහවල් 12.45 ට එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත  පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් එරට සිට ගුවන් මගීන් 9 දෙනෙකු පැමිණ තිබේ.

මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් පිරිස සහ එම ගුවන් යානා කාර්යය මණ්ඩලය කටුනායක ගුවන් තොටුපළ තුළදීම පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කෙරුණි .



අදහස් (10)

විදෙස් රටවල සිටින තවත් ලාංකිකයන් 825ක් ගෙන්වන්න සැරසෙයි

rama Wednesday, 10 June 2020 08:49 AM

එම කට්ටියටත් මැදපෙරදිග ඇතුළත් නැහැ... එයාලා ලංකාවේ පුරවැසියන් නොවේද?

:       0       30

palitha Wednesday, 10 June 2020 08:57 AM

මේ මේ හලෝ, තමුන්ලා ඔය ගේන්නේ දුක්විඳලා රටට සල්ලි හම්බකරලා දෙන්න ගිය මිනිස්සුද? කෙලින් පිරිමි වගේ වැඩකරනවලා. මෙහෙ මැදපෙරදිග මිනිස්සු ඉන්නවා ගේන්නේ හෝසේට... අවශ්‍ය දේ කරනවා ජනාධිපති එක්ක එකතුවෙලා කලින් ආණ්ඩු වගේ පිස්සු කෙලින්නේ නැතුව...

:       0       57

game pohottu Wednesday, 10 June 2020 09:01 AM

පොහොට්ටුවේ බොහෝමයක් දෙනා ඉන්නේ එංගලන්තයේද? දන්නා තරමින් ඔක්කොම වැඩ කලේ එජාපයට ධනපති පන්තිය වෙනුවෙන් ඔන්න ඕකයි තත්වේ...

:       0       6

gihan Wednesday, 10 June 2020 09:20 AM

ඔක්කොම ගේන්නේ හොද හොද රට වල අය.

:       0       23

viku Wednesday, 10 June 2020 10:08 AM

ආසියා කලාපයේ අඩුම කොරෝනා රෝගීන් වාර්තාවන හොංකොං වලට අාපු ගුවන් යානා කිසිදුු මගියෙක් අරන්ගියේ නැහැ, කාගෝ විතරක් ගියා, මටනම් යන්න ඔනි නැහැ යන්න ඔනි මිනිස්සු අඩුම දහදොලොස් දෙනෙක්වත් ඇති, විශේෂයෙන් දැන් හොංකොං විශ්වවිද්‍යාවල සමර් එකේ නිවාඩුව එක් අවුරැදු පාඨමාලා වෙනුවෙන් පැමිණි ශිෂ්‍යයන්ගේ විභාග කටයුතු අවසන් වී ඇත. රැකියා අහිමිවීම මෙහි සිටින ලාංකිකයන්ටද බලපා ඇත. එහෙත් ඔවුන් වෙනුවෙන් හඩක් නොමැත. සමාවුව මැනවි. විදේශයන්හි ඉන්න අපි කුමක් වෙනුවෙන් කොවිඩ් 19 වෙනුවෙන් අරමුදලට සල්ලි දිය යුතුද? මාගේ අදහස සත පහක් නොදිය යුතුය, මේවා සියල්ල හක්කේ බුදු ගුණ බොක්කේ දඩමස් වැනි ගෙම්, කවුරැ දේශපාලනය කලත් ඔවුන් හැමවිටම මහජනතාව වෙනුවෙන් පෙනී නොසිටී, හුදෙක්ම තම තම හිත මිතුුරන් වෙනුවෙන් කටයුතු කරයි.

:       8       103

Mr Don Wednesday, 10 June 2020 12:02 PM

හොර ආණ්ඩුවෙන් මීට වඩා බලාපොරොත්තු වෙන්න බැහැ.

:       1       60

Rohana Wednesday, 10 June 2020 02:34 PM

එන්න අවශ්‍යමද? කොරෝනා නැත්නම් ඔය රටවලම ඉඳලා තව කීයක්හරි හම්බ කරගෙන සැපවත් ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය මුදලක් උපයාගෙන සිටියොත් නරකද? ලංකාවේ නම් රැකියාවල් නැහැ.. එනවා නම් උපයාගත් මුදල්වලින් තමයි ජීවත් වෙන්න සිදුවන්නේ.. ලංකාවේ එක දේශපාලුවෙකුටවත් රැකියා ප්‍රශ්නයට විසඳුමක් දෙන්න ශක්තියක් නැහැ. බොරු කයිවාරු විතරයි මොවුන් ළඟ තියෙන්නේ...

:       0       57

Premanath Wednesday, 10 June 2020 02:44 PM

බංග්ලාදේශ්වලින් ආවාද?

:       0       2

Hafeel Wednesday, 10 June 2020 04:57 PM

ඔන්න බලන්න ඉන්දියාවේ බෝරා සමාජයට තියන පිළිගැනීම්, මේ රටේ බදු ගෙවන සහ විදේශ විනිමය ගේන්න මේ රටේ පුරවැසියන්ට මේ ආණ්ඩුව යටතේ නැහැ. කෝ එකම රට, එකම නීතිය?

:       0       0

saman Thursday, 11 June 2020 12:15 AM

මොන ක්‍රමේකට මේ වැඩේ කරනවද කියලා සැකයි. ජනාධිපතිතුමා දන්නවාද මේ වැඩේ කරන විදිය ගැන...? ගොඩක් මිනිස්සුන්ට අසාධාරණ විදියට තමයි මේ මිනිහා වැඩ කරන්නේ. මෙයාගේ වැඩවලින් ආණ්ඩුවේ ඡන්ද නම් ගොඩක් කැඩුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31698 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14163 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11124 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1126 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 312 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site