
(රෝෂන් තුෂාර)
පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ වටිනා විදේශීය මත්පැන් බෝතල් තොගයක් අධිකරණ නියෝග පරිදි විනාශ කරන අවස්ථාවේදී පල් වතුර සහ තේ කහට බවට පත් කළේ කවුරුන්ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයට අද(01) නියෝග කළාය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු බඩු කාමරය ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් 81ක් සහ බියර් බෝතල් 150ක් මෙසේ රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට නියෝග කළාය. පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අදාල මත්පැන් තොගය විනාශ කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා පසුගිය පෙබරවාරි 17 දින නියෝග කොට ඇත.
මත්පැන් තොගය විනාශ කිරීමේදී ඒවා සැබෑ මත්පැන් නොවන බවට මහේස්ත්‍රාත්වරයා විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ,බෝතල් වලට යළි සීල් තබා අධිකරණ නඩුබඩු කාමරයේ ගබඩා කරන ලෙසට නියෝග කොට ඇත.
මත්පැන් තොගය පල් වතුර හා තේ වතුර බවට පත්කළේ කළේ කවුරුන්ද යන්න පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා කළ නියෝගය පරිදි කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ආරම්භ කළ විශේෂ විමර්ශනය අනුව මත්පැන් තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළාය.
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2119
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදෙස් අරක්කු පල්වතුර-තේ කහට වීම ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි
pakeer Friday, 01 August 2025 04:09 PM
කරුණාකරලා මේ පොලිස් හොරාව අල්ලලා දෙන්න. සමාජයට හොඳ ආදර්ශයක් දෙන්න හොඳ තීන්දුවක් එක්ක... එහෙම කළොත් විතරයි මේවා නවත්තන්න පුළුවන්..
prasanna Saturday, 02 August 2025 04:07 PM
මෙවැනි මිල අධික මත්පැන් නැවත විකිණීමෙන් රජයට මුදලක් ලබාගන්නේ නැතිව මොන අපරාධයක්ද මේවා විනාශ කරන එක. කැකිල්ලේ රජු තාම ජීවත් වෙනවද කොහේද?
Perakum Liyanagama Saturday, 02 August 2025 06:09 PM
පොලිස් බලධාර්‍රින්ගේ අනුදැනුම නොමැතිව මේවා සිදුවිය නොහැක. අදාල සියලු පාර්ෂවයන්ට නිසි දඬුවම් දිය යුතුයි. එසේම හොර බඩු මිලදී ගන්නන්ට ඉතා දැඩි දඬුවම් දිය යුතුය. එහෙත් අදාල බලධාරීන්ට ඒ ගැන උනන්දුවක් නැත.