IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


විදේශ අමාත්‍යාංශයේ කොන්සුලර් අංශ පරිගණක පද්ධතිය බිඳවැටේ

(යොහාන් භාසුර)

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සුලර් අංශයේ පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් ලේඛන සත්‍යාපන කටයුතුවලට බාධා පැමිණ ඇති බව එම අමාත්‍යාංශය කියයි.

එම අමාත්‍යාංශයේ කොළඹ ප්‍රධාන කාර්යාලයට සහ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවලට ද එයින් බාධා ඇති වී තිබෙන බවත් පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් හදිසි ලේඛන පමණක් සළකා බලන බවත් එම අමාත්‍යාංශය පවසයි.

සත්‍යාපන කටයුතු හැර කොන්සියුලර් කාර්යාලයේ සෙසු කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත මේ පිළිබඳ වැඩිදුර තොරතුරු යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කොන්සල් කාර්යාලවලින් ද ලබාගත හැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.



අදහස් (1)

විදේශ අමාත්‍යාංශයේ කොන්සුලර් අංශ පරිගණක පද්ධතිය බිඳවැටේ

Lalla Thursday, 11 May 2023 11:14 AM

ඔය ආයතන වල පරිගණක පද්ධති පිලිගත් දේශීය සමාගම්වලට කොන්දේසි සහිතව භාර දෙන්න. රජයේ ආයතන වල පරිගණක තාක්ෂණය හරිහැටි ක්‍රියාත්මක කිරීම නොහැකියි. වැටුප් පුහුණු සැසි වැඩිදුර පුහුණුව ආදිය රජයේ සේවයේ හරියට නැතිනිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 278 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 805 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site