IMG-LOGO

විදුලි හදිසි මිලදී ගැනීමට අවසර දෙයි

(යොහාන් භාසුර)

විදුලි ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බවත් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව හදිසි විදුලි මිලදීගැනීමට අවසර දුන් බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (11) පස්වරුවේ පැවසීය.

පසුගිය මස විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 37 ක් වැය වුවද ඒකකයක් රුපියල් 17 ට විකිණීමෙන් රුපියල් 20 ක පාඩුවක් ඇති වූ අතරම ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම සහ ඩොලරයේ අගය ඉහළ යෑම නිසා ලබන මාසය වන විට නිෂ්පාදන වියදම රුපියල් 50 ක් වේ යැයි අනුමාන කරන බවත් ඒ නිසා අනිවාර්යෙන්ම විදුලි ගාස්තු වැඩි කළ යුතු බවත් රත්නායක මහතා සඳහන් කළේය.

ඉන්ධන නොලැබීම නිසා මේ වන විට දිනකට මොගාවොට් 300 ත් 500 ත් අතර ප්‍රමාණයක් විදුලි නිපදවීමට නොහැකි වීමට පිළියමක් ලෙස හදිසි මිලදීගැනීමට අවසර දුන් බව කී ජනක රත්නායක මහතා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති බව ද සඳහන් කළේය.

මෙගාවොට් 100 ක් මාස හයක කාලයක් ඇඹිලිපිටිය ඒඑස් පවර් ආයතනයෙන් මිලදී ගැනීමට අවසර ලබාදී ඇති බව කීය.



අදහස් (5)

විදුලි හදිසි මිලදී ගැනීමට අවසර දෙයි

wicky Friday, 11 March 2022 09:42 PM

මහත්තයො, ඔයාලගෙ දත්ත නම් මරු. වතුර ටික හිඳෙනකන් ලොකු ටොක්ස් දීලා, දැන් අන්තිමට කරන්ට් එකත් කපලා, (මාස 3ක් කපන්නෙ නැ කියලා කිව්වා..) හදිසි මිලදී ගැනීම් වලට යන්නේ නැහැ කියලා ඒකත් කරලා.. ඔයාලට ගෙවන සල්ලි නම් අපරාදේ..

:       0       41

wicky Friday, 11 March 2022 09:44 PM

ඔයිට හොඳ නැද්ද, අපිට සොලාර් යුනිට් එකක් හයි කරගන්න සහනයක් දුන්නා නම්..?. ඔයාලා දෙන්නේ සහනේ එකපාරයි.. ඒකෙන් කොච්චර ඩීසල් ප්‍රමණයක් වෙනුවෙන් වැයවන මුදල් ඉතුරු වෙනවද කියලා ඔයාලගේ ඔය ඉංජිනේරුවන්ට පෙන්නේ නැතුව ඇති මගේ හිතේ...

:       0       90

Kule Friday, 11 March 2022 10:16 PM

කැස්බෑවාට කල්ල මරේ...

:       0       36

Sunil Saturday, 12 March 2022 03:41 AM

විදුලි උත්පාදනය සහ සම්ප්‍රේෂණය පිළිබඳව මොනවා දැනගෙනද මේ කතා කරන්නේ?

:       0       2

ජුණ්ඩප්පුවා Sunday, 13 March 2022 05:29 PM

විදුලි ඉංජිනේරුවන්ගේ දහසකුත් එකක් වංචා දූෂණ මේ සඳහා උපකාරී වී නොමැතිද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 171 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 484 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site