
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආර්ථික ගැටලු ඇතුළු විවිධ කරුණු හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් 130 දෙනකු මෑත කාලයේදී සේවය හැර ගොස් ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.
මේ අතර මණ්ඩලයේ විධායක මට්ටමේ පුරප්පාඩු 529 ක් පවතින බව කෝප් කමිටුවේ සභාපති මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා එම කමිටුව කමිටුව හමුවේ සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පාලිත පෙර්‍රේරා මහතා පැවසූවේ ලංකා විදුලි වල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් 330 දෙනෙකුගේ පුරප්පාඩු පවතින බවයි.
මෙම ඉංජිනේරුවරුන් 130 දෙනා සේවය හැර ගොස් ඇතැයි පැවසෙන්නේ ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ මුල් මාස හතරේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉංජිනේරුවෝ රට අත ඇරලා ගියාට ආරථිකයට කිසිම බලපෑමක් නෑ කියලත් කියලා තිබුනා නේද..?
මගේ දුවත් ඔය 130 ඇතුලේ ඉන්නවා. ඒ පවුලම ඕස්ට්‍රේලියා ගියා.....
රජයේ දුර්වලතා නිසා සියල්ලන් රට හැර යමින් පවතී
මුතූ, මොනතරම් සතුටුදායකද? දුව ඕස්ට්‍රේලියාවේ ගිය එක... මාසෙකට වතාවක්වත් ඩොලර් 100ක් ලංකාවට එවන්න කියන්න අම්මලා, තාත්තලාගේ වියදමට... හැබැයි ආණ්ඩුව මාරු වුණාට පස්සේ.. නැතිනම් මොවුන් ඒ සල්ලි වලින් වාහන ගෙන්නගන්නවා.
විදුලි ඉන්ජිනේරුවරු ආර්ථික අපහසුකම් ට මුහුණ දීමට මූලික හේතුව අසීමිත සුඛ විහරණය සඳහා වියදම සහ ණය බර. ලංවිම වැටුප් සහ දීමණා ලංකාවේ හැටියට ඉහලම මට්ටමේ. ඒත් මදිනම්..... හැඳිගෑවිලාම යන එක හොඳයි....
ඉංජිනේරුවෝ මොකටද ලංකාවට ,අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවා රට සුරපුරයක් කරන්න පුළුවන් සියල්ල දත් මොලේ නැති හරක් සෙට් එකක්