IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


විදුලිය මිලදීගැනීමේ ගාස්තු සංශෝධනයක්

 (නිමල කොඩිතුවක්කු)

සූර්යබල සංග‍්‍රාමය යටතේ විදුලිය මිලදීගැනීමේ  ගාස්තු සංශෝධනය කළ බව විදුලිබල  බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

අමාත්‍ය රවී කරුණානායක මහතා මෙම අදහස් පළකළේ  විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය,  ශ‍්‍රී ලංකා සූර්යබල සේවා සපයන්නන්ගේ සංගමය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව සූර්ය විදුලිබල ක්ෂේත‍්‍රයේ ගාස්තු ක‍්‍රමය සංශෝධනය කිරීම වෙනුවෙන් පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. 

ඒ අනුව මේ වසරේ අගෝස්තු 01 දින සිට නෙට් ප්ලස් ක‍්‍රමවේදය පමණක් ක‍්‍රියාත්මක කිරීමට  ඕනෑම විදුලි පාරිභෝගිකයෙකුට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා කිලෝ වොට් 50ට අඩු ධාරිතාවන් සඳහා වසර 20ක කාලය තුළ විදුලිය මිලදී ගැනීමේදී එක් ඒකකයක ගාස්තුව  රුපියල්  19.75 දක්වා සංශෝධනය කර ඇති බවද පැවැසීය.

 එමෙන්ම  කිලෝ වොට් 50 සිට  1000 දක්වා විදුලිය මිලදීගැනීමේ එක් ඒකකයක ගාස්තුව රුපියල් 18.75 ක් ද, කිලෝ වොට් 1000ට වඩා ධාරිතාවයන්ගෙන් විදුලිය මිලදී ගැනීමේදී ලබාදෙන මුදල ඒකකයකට රුපියල්  16.00 ක් වශයෙන්ද සංශෝධනය කර ඇති බවත්  අමාත්‍යවරයා සඳහන් කළේය.

 මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට ඉදිරියේදී කටයතු කරන බවත් ඔහු එහිදී පැවැසීය.

මෙම අවස්ථාවට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.



අදහස් (2)

විදුලිය මිලදීගැනීමේ ගාස්තු සංශෝධනයක්

Raveendra Wednesday, 05 June 2019 10:12 AM

ශත පහකට විස්වාසයක් කිරීමට නොහැකි මෙවන් අය සත්‍ය වශයෙන්ම දෙයක් මිනිසුන් වෙනුවෙන් කරත් මහජනතාවට තිබෙන්නේ මහා පිළිකුලක් මේ හිගන්නන් කෙරෙහි. ඒ තරමට මොවුන් හොරා කෑම පිලිබදව පශ්චාත් උපාධිය ලබාගෙන ඇති බව අහිංසක මිනිසුන් හොදින් දන්නවා.

:       0       1227

Raveendra Wednesday, 05 June 2019 10:50 AM

රවියා කියන්නේ ග්‍රහලොව හොද වැඩ කාරයෙකි..// මෙයා හොරකමටම කප් පිට කප් ගැසුවනේ..// තනතුරු දුන්නු නායකයෝ ඒ බව නොදන්නේද ..// කාවද මේ රවටන්නේ මේ පොල් බුරුවන් ටික..//

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16822 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 651 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site