(යොහාන් භාසුර)
මෙරටට විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ කාර්යක්ෂම කිරීමේ වැඩපිළිවෙලට ආසියානු සංවර්ධන බැංකුව උපදෙස් දෙන බවත් එම බැංකුවේ උපදේශක සේවා අධ්‍යක්ෂවරයා ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එහිදී විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට අවශ්‍ය තාක්ෂණික සහය, විදුලිබල සමාගම් බවට පරිවර්තනයේදී රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යාපාර ක්‍රමවේද අනුගමනය සහ එයට අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීම, පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති වෙනුවෙන් අවශ්‍ය හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සහ පෞද්ගලික අංශයේ දායකත්වය ගැනීම, එම ව්‍යාපෘති හඳුනාගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට විශේෂ ඒකකයක් අමාත්‍යංශය තුළ පිහිටුවා අවශ්‍ය තාක්ෂණික සහය දීම, එම ව්‍යපෘති සහ අනෙකුත් පුනර්ජනනීය ව්‍යපෘති වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය සහය දීම පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුවෙන් උපදෙස් ලැබෙන බව ද අමාත්‍යවරයා කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විදුලිය ප්‍රතිව්‍යුහගත කිරීමට ආසියානු සංවර්ධන බැංකු සහය
swene Friday, 05 May 2023 08:20 PM
වසරකට මිමි 2500- 5000 ක්පමණ වන තෙත් කලාපයේ ගොඩනැගිලිවල කොන්ක්‍රීට් වහල කුඩා ජලාශ බවට පත් කොට, මෙම ජලය පහතට ගලන විට ටර්බයිනයකට මුදාහැර විදුලිය නිපදවීමේ හැකියාවක් තිබෙන්නේදැයි ශෂ්‍යතා අධ්‍යනයක් කිරීම ට විදුලිබල මණ්ඩලය ට යෝජනා කරමි. එසේ වුවහොත් වැසි ජලය එකවර පොලවට මුදාහැරීමක් සිදුනොවන නිසා, ක්ෂණිකව ජලයෙන් යටවන අවධානමද අඩුවේ.