
(යොහාන් භාසුර සහ ලහිරු හර්ෂණ)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස පුහුණු වන වෛද්‍යවරියක නිල නිවාසය තුළදී අපයෝජනය කළැයි කියන සැකකරු ගල්නෑව නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. නිලන්ත හෙවත් බන්ටි යන නමින් පෙනී සිටියකු බව ද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට සිද්ධියට පෙර දින එළියට පැමිණ ඇති බවත් කළක් සැකකරු සිවුරක් දරා සිට ඇති බවත් පොලිසිය පවසයි.
යුද හමුදා සේවයෙන් පළා ගිය පුද්ගලයකු යැයි කියන අදාළ සැකකරු වෛද්‍යවරිය අපයෝජනය කිරීමෙන් අනතුරුව වෛද්‍යවරියගේ දුරකථන දෙකෙන් එකක් රැගෙන පළා ගොස් ගොස් තිබිණි. එසේ පැහැරගත් දුරකථනය තිබෙන ස්ථානය පිළිබඳ ලද සංඥා අනුව පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර එම සංඥා අනුව යමින් ගල්නෑව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගත්තේය.
අවුකන දුම්රියපොළ ආසන්නයෙන් දුරකථන සංඥා නැවතී තිබීම මොවුනට සැකකරු මෙම ප්‍රදේශයේ සැඟවී ඇතැයි සැකසිතීමට මූලික හේතුවෙන් පොලීසිය එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.
ඒ අනුව යමින් සැකකරු ගල්නෑව, හෙළබොදුගම ප්‍රදේශයේ සැඟව සිටිය දී ගල්නෑව පොලීසියේ විශේෂ කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක වීමට පුහුණු වන ඇය පෙරේදා (10) රාත්‍රියේ සුපුරුදු පරිදි පොරොත්තු රාජකාරී අවසන් කර නිල නිවසට යද්දී මෙම අපරාධයට මුහුණ දුන්නාය.
සිද්ධියෙන් සුළු වේලාවකට පසු වෛද්‍යවරිය යළිත් රෝහල් වාට්ටුවට පැමිණ එහි දුරකථනයකින් සිය පියා අමතා මුහුණදුන් සිදුවීම දැනුම්දී ඇත.
COMMENTS
මොකක්ද මේ සැකකරුගේ බඩ ප්‍රෙද්ශයට වෙලා තියෙන්නේ..? ඔහු කිනම් හෝ රෝගයකින් පෙළෙන්නෙක්ද?
ගරු ජනාධිපතිතුමනි, ස්ත්‍රී දූෂකයින්ට මත් කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දෙන්න
සමාජය දූෂිත වෙලා තියෙන්නේ... කෝ සැපවත්, පොහොසත් රටකට ඡන්දෙ දුන්නා. තාම මොනවත් නැහැ නේ. මනුස්සයා දවසෙන් දවස ප්‍රපාතයට යනවා. තාම කිසිම දියුණුවක් නැහැ.
වෛද්‍යවරිය සහ පවුලේ අය ගැන හරිම කණගාටුයි.
නිසි දඬුවම් ලැබුණොත් මෙවැනි අපරාධ අඩු කරන්න පුළුවන්. එපා නම් දෙන්න එපා.
වැඩ නපුරු වුණාට පෙනුම අහිංසකයි. සේයා ඝාතනයට වගේ නොකරපු අයියා අල්ලන් ගියා. කාටත් මතක ඇති. මෑතකදී අවුරුදු 9ක් රිමාන්ඞ් එක සිට නිදහස් කළා. සැබෑ අපරාධකරු ඇල්ලුවාට පසු, අහුනොවුණා නම් ඒ අහිංසකයා හිරගෙදර දුක්විඳලා මැරිලා යනවා.
අතවර කළා නම් ඉක්මන් ක්‍රියාමාර්ග, ස්ට්‍රයික් හොයාගන්නවා. අහිංසක ළමයෙකුට වුණොත් මොකුත් නෑ...
කලින් අපරාධයක් කරලා ඇප පිට නිදහස් වූ දිනයේම කාන්තාවක් දූෂණය කළා... ඒත් ටික දවසකින් මෙයා ආයෙත් ඇප පිට නිදහස් වෙලා මිනියක් වුණත් මරයි.
කොහොමත් කොල්ලෝ උඹේ පැටිකිරියයි, ලංකාවේ දොස්තරලාගේ පැටිකිරියයි අතර කිසි වෙනසක් නැහැ... ඔබ බලහත්කාරයෙන් ඒ ආශාව ඉෂ්ඨ කර ගත්තා වගේ තමයි. දොස්තරලා එවුන්ගේ ආශාව රෝගීන්ව මරලා හරි ඉෂ්ඨ කර ගන්නවා. උඹ ඒ ටික කළේ සමාජයට වහන් වෙලා ඒත්, මොවුන් සමස්ත සමාජයටම ඔවුන්ගේ හෙළුව පෙන්වමින් සිටිනවා. ඒ අතින් එවුන්ට වඩා වැදගත්...!
යුද හමුදාවෙන් හදන විනය නම් අන්තිමයි. ඒක දඬුවමට බයේ ගැහි ගැහී ඉන්න මිනිහෙක් හදන විනයක් මිසක් සැබෑ විනයක් නෙවෙයි. හමුදාවෙන් පැන්න ගමන් ඔවුන් කරන්නේ අපරාධ. හමුදාව මහන්සි වෙන්න ඕන සදාචාරවත් විනයක් හදන්න. රට ජාතිය වෙනුවෙන් කැප වෙන්නට හදවතින්ම බැඳෙන මිනිහෙක් හදන්න.