(රංජිත් රාජපක්ෂ)
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන වැලිඔය වත්ත දඩුකැලේ පහළ කොටසට සම්පුර්ණයෙන්ම සංචරණ සීමා පැනවීමටත් , බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බොගවාන ලින්ස්ටඩ් වතු යයේ පහළ කොටස හුදකලා කිරීමටත් සෞඛ්‍යය නිලධාරින් කටයුතු කර ඇත.
අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන වැලිඔය වත්ත දඩුකැලේ වත්ත පහල කොටසින් ආසාදිතයන් 25 දෙනෙකු හඳුනාගෙන නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර ඇති අතර , (05) දිනයේදි පමණක් එම වතු යායෙන් ආසාදිතයන් 16 දෙනෙකු හමු වී ඇත. ඒ අතර වයස අවු 16 ට පාසල් සිසුන් දෙදෙනෙකු සහ ගැබිණි මවක ද සිටි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසූහ.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බොගවාන ලින්ස්ටඩ් වතු යායේ පහළ කොටසින් මේ වන විට ආසාදිතයන් 8 දෙනෙකු හදුනාගෙන නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර එම වතු යායේ වතු නිවාස පේලි 4 ක පදිංචි 147 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වතු ආශ්‍රිත ප්‍රදේශයකට සංචරණ සීමා-තවත් පෙදෙසක් හුදකලා කරයි